Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු මැති ඇමතිවරු රැසක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව කියයි.

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකිරීමට, හිටපු මන්ත්‍රීවරු සහ ඇමතිවරු කිහිප දෙනෙක් තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අතර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා තරඟ නොකරන අතර, ඒ වෙනුවට එතුමාගේ දියණිය මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කරන බව සඳහන්. හිටපු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ හිටපු වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ ද මැතිවරණයට ඉදිරිපත් නොවන බව දැනුම් දී තිබේ.

ගාමිණී ලොකුගේ, ජෝන් සෙනෙවිරත්න, මෛත්‍රීපාල සිරිසේන, බන්දුල ගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධන සහ මහාචාර්ය තිස්ස විතාරණ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර, සමගි ජන බලවේගයේ නාම යෝජනා සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් ලැබී තිබෙන බවත්, ඒ අතරින් උතුරු නැගෙනහිර පළාත්වලින් මීට පෙර නොතිබූ ආකාරයෙන් නාම යෝජනා සඳහා ක්‍රියාකාරිකයන් ඉදිරිපත්ව සිටින බව එම පක්ෂය සඳහන් කරයි. සමගි ජන බලවේගයේ නාම යෝජනා සැකසීමේ දී තරුණ පාර්ශ්වයට වැඩි ඉඩක් ලබාදෙන බවද එම පක්ෂය සඳහන් කරයි.

එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද, තරුණ නායකයින් විශාල ප්‍රමාණයකට අවස්ථාව ලබා දීමට තීරණය කර ඇතැයි ද සඳහන්. තවද, ගෑස් සිලින්ඩරය ලකුණෙන් තරඟ කිරීමට සමාජයේ ප්‍රසිද්ධ තරුණ චරිතවලට අවස්ථාව ලබා දෙන ආකාරයක් දක්නට ලැබෙන බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

රජයෙන් වෘත්තීයවේදීන්ට පොරොන්දුවක්

Mohamed Dilsad

අයි.එම්.එෆ්. ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසා ඉදිරියේදී රටේ ආර්ථිකය බරපතල අවධානමක – ජන අරගල සන්ධානය අනතුරු අගවයි

Editor O

වරාය සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment