Trending Newsඑසැන පුවත්දේශීය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම වෙනස් කරන්න තියා, වෙනස් කරන්න ඉල්ලීමක්වත් වත්මන් ආණ්ඩුව කරලා නැහැ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා

ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම ගැන ජනාධිපතිවරණයට පෙර ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර දිසානායක මහතා හා ඔහුගේ කණ්ඩායම සිටි ස්ථාවරය මේ වන විට මුළුමනින්ම වෙනස් කර ඇතැයි සමගි ජන බලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හිටපු මන්ත්‍රීවරයා එසේ පැවසීය. .

හර්ෂ ද සිල්වා මහතා මෙසේ ද කීවේය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුම වෙනස් කරන බව දේශපාලන වේදිකාවල අනුර දිසානායක කිව්වා. ඒත්, සාකච්ඡා නොකරම, තිබුණ ගිවිසුමට එකඟ වෙලා. අනුර ජනාධිපතිතුමාගේ කණ්ඩායම කලින් කීවා කිසිම විදිහකට IMF එකත් එක්ක යන්නේ නෑ කියලා. IMF එකත් එක්ක ගිහින් ගොඩගිය රටක් නෑ කිව්වා. ණය තිරසර කිරීමේ වැඩපිළිවෙළ වගේම ගිවිසුමත් වෙනස් කරනවා කිව්වා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම වෙනස් කරන්න තියා වෙනස් කරන්න කියලා ඉල්ලන්නෙවත් නෑ කියලා මම කියනවා. අවුරුදු එකහමාරක් තියා දවස් එකහමාරක්වත් මේ ගැන සාකච්ඡා කළේ නෑ. එන අවුරුද්දේ රජයේ ආදායම 15%ක් ලබා ගැනීම ඒ විදිහටම සිද්ධ වෙනවා. ජනතාවට කිව්වේ එකක් එකක්, කරන්නේ තව එකක්. මෙයාලගේ කතාව විතරයි යැයි ද කීවේය.

Related posts

பொருட்கள் கொள்வின் போது அவதானத்துடன் செயற்படுமாறு வலியுறுத்தல்

Mohamed Dilsad

කඳුකර කොටියෙකු ඝාතනය කළ පිරිසක් අත්අඩංගුවේ

Mohamed Dilsad

Suspect apprehended for transporting sand without permit

Mohamed Dilsad

Leave a Comment