Trending Newsඑසැන පුවත්දේශීය

බිත්තර මිල යළි ඉහළ ට

පසුගිය සතිය තුළ බිත්තර මිලෙහි යම් අඩුවී තිබුණද, මේ වන විට වෙළෙඳපොළේ බිත්තර මිල යළි ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයන් සඳහන් කරයි.

මේ වන විට බද්දේගම ප්‍රදේශයේ බිත්තරයක සිල්ලර මිල රුපියල් රු. 35-40 අතර වන බව පාරිභෝගිකයෝ සඳහන් කරති. ඇතැම් ප්‍රදේශවල බිත්තරයක් රුපියල් 45ටද අලෙවිවන බවද සඳහන්.

බිත්තර වෙළෙඳුන් සඳහන් කරන්නේ නිෂ්පාදනය පහත වැටීම නිසා, බිත්තර මිල ඉහළ යමින් ඇති බවයි. පවතින තත්ත්වය මත ඉදිරි දින කිහිපයේදී බිත්තර මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි ද බිත්තර නිෂ්පාදකයන් සඳහන් කරති. මේ වන විට, වෙළෙඳ පොළේ බිත්තරවල තොග විකුණුම් මිල දැක්වූයේ දුඹුරු බිත්තයක් රුපියල් 35ක් හා සුදු බිත්තරයක් රුපියල් 34ක් ලෙසයි.

Related posts

அவுஸ்ரேலியா இலங்கை சுற்றுலா பயணத்திற்கென விடுத்திருந்த தடை நீக்கம்

Mohamed Dilsad

රුපියල් කෝටි 18 ක් පමණ වටිනා රත්තරන් ජෙල් ගුලි සමග 6ක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

Editor O

US to grant Sri Lanka Rs. 80 billion to strengthen development

Mohamed Dilsad

Leave a Comment