මෙවර පැවැති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටකළ බව කියන මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ පාසල් ගුරුවරයා ඔක්තෝබර් 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා අද (07) නියෝග කළේය.
සැකකරුවන් දෙදෙනා විසින් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටස්තර පුද්ගලයන්ට ලබාදී ඇතැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර, එකී සිද්ධිය ට අදාළ වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බැවින් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර කරන ලෙසට නියෝග කෙරිණ.