Trending Newsඑසැන පුවත්දේශීය

ඖෂධ හිඟයක් ඇතිවීමේ අවධානමක් ගැන වෛද්‍ය චමල් සංජීව අනාවරණය කරයි.

ඖෂධ ගෙන්වීමට අදාළව, හිටපු සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ විසින් ඉදිරිපත් කරනු ලැබූ ආන්දෝලනාත්මක කැබිනට් පත්‍රිකා නැවත යම් සංශෝධනයන්ට ලක් කර එම නිලධාරීන් විසින්ම වර්තමාන සෞඛ්‍ය ඇමතිවරිය හරහා ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන බවට සැකයක් තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. කොළඹ දී අද (09) පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය සංජීව මහතා එසේ පැවසීය.

එළඹෙන 2025 වසර සඳහා දේශිය ඖෂධ නිෂ්පාදකයින්ගෙන් ඖෂධ වර්ග 305ක් ලබා ගැනිම සඳහා සෞඛ්‍ය ඇමති අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සන්දේශය දෙවන වරටද ප්‍රතික්ෂේපවීමෙන් බරපතල සැකයක් ඇතිවන බවද වෛද්‍යවරයා සඳහන්කළේය.

වසර 15ක් 20ක් එකම නිලධාරි ජාලය විසින් පාලනය කළ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙවැනි ක්‍රියාමාර්ග වෙනස් කිරීමේ අත්හල නොහැකි වගකීමක් වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශය, ඇමතිවරිය සහ ජනාධිපතිවරයා සතු වන බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

වෛද්‍ය චමල් සංජීව මහතා මෙසේ ද කීවේය. ”එළඹෙන 2025 වර්ෂයට අදාළ ඖෂධ සැපයුම් ජාලය ආරම්භ වීමට නම් මේ වන විට අදාළ සැපයුම් සම්බන්ධ ඇණවුම්, ප්‍රසම්පාදන යාන්ත්‍රණ, මිලදී ගැනීමේ යාන්ත්‍රණ ඇතුළු සියලු කරුණු පිළිබද අධික්ෂණයට ලක් විය යුතුයි. එහෙත් එවැනි කරුණු නොසලකමින් මේ දක්වාම ලබන වසරට අදාළ ප්‍රසම්පාදන යාන්ත්‍රණය කරන්න තියෙන අවස්ථාවන් මගහැරී යමින් පවතිනවා මේ ආකාරයේ ප්‍රශ්න සහගත කැබිනට් පත්‍රිකාවන් ඇමතිවරියව හෝ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා හෝ යම් ආකාරයකට නොමග යවමින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට දරන උත්සාහය. එම නිසා වසර ගණනාවක් අඛණ්ඩව සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ වෛද්‍ය සැපයුම් පද්ධතිය බිඳ වැටුණ කාරණාව බැලිය යුතුයි.. එකවර තෝරාගත් සමාගම් කිහිපයකට පමණක් සාමාන්‍ය ප්‍රසම්පාදනය උල්ලංඝනය කරලා කැබිනට් පත්‍රිකා හරහා හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සිදු කරපු අන්දමටම ඖෂධ ගේන්නේ ඇයි කියලා හොයලා බලන්න ඕන. ඒ වගේම තමයි ලබන වසරට අවශ්‍ය ඖෂධ සැපයුම් ජාලය නිසි පරිදි ක්‍රියාත්මක වුනේ නැත්තම් ලබන වසරේ ඖෂධ හිඟයක් එන්න පුළුවන්.

Related posts

දිගන භූ චලන වාර්තාව ඉදිරි දින 4 ඇතුළත

Mohamed Dilsad

ரஷிய அதிபர் தேர்தலில் விளாடிமிர் புதினின் அரசியல் எதிரி போட்டியிட தடை

Mohamed Dilsad

Another cleaning campaign launched by Navy

Mohamed Dilsad

Leave a Comment