Trending Newsඑසැන පුවත්දේශීය

අගමැති හරිනිගේ සහ ඇමති විජිතගේ මුද්දර ගැන තැපැල්පතිගෙන් නිවේදනයක්

ලෝක තැපැල් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරියගේ හෝ විජිත හේරත් අමාත්‍යවරයා‍ගේ රුව ඇතුළත් මුද්දර නිකුත් නොකළ බව, තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් සමාජ  මාධ්‍ය ඔස්සේ පල වන වාර්තා ප්‍රතික්ෂේප කරන බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ලෝක තැපැල් දින ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී ලෝක තැපැල්දින සමරු මුද්දරය සහ විශ්ව තැපැල් සංගමයේ 150 වන සංවත්සරව සමරු මුද්දරය නිකුත් කෙරුණි. ප්‍රධාන ආරාධිතයන් දෙපළ වෙත ඔවුන්ගේ රුව සහිත පුද්ගල කාරක මුද්දර ඇතුළත් සමරු තිළිණ දෙකක් ප්‍රදානය කිරීමද එහිදී සිදු විය. මෙවැනි පුද්ගලකාරක මුද්දර ඕනෑම අයෙකුට තමා කැමති රුවක් යොදා මුද්‍රණය කර ලබාගැනීමට හැකි බවද තැපැල් දෙපාර්තමේන්තුව කියයි.

එහෙත් එම මුද්දර හුදෙක් සිහිවටන තිළිණ මිස භාවිතයට ගත හැකි වලංගු මුද්දර නොවන බවත්, තැපැල් දෙපාර්තමේන්තුව  සාමාන්‍යයෙන් විශේෂ අවස්ථාවන්හිදී පුද්ගලකාරක මුද්දර සිහිවටන ලෙස  දෙන බවත්, ඊයේ දිනයේ සිදු වූයේ ද මෙවැනි කාර්යක් මිස එදිනෙදා භාවිතයට ගන්නා මුද්දර නිකුතුවක් නොවන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

Related posts

මිනුවන්ගොඩ කොරෝනා පොකුර තවදුරටත් ඉහළට

Mohamed Dilsad

காதலரை மணந்தார் பாவனா

Mohamed Dilsad

Hayleys crosses Rs. 100 billion turnover, in 2016/17

Mohamed Dilsad

Leave a Comment