Trending Newsඑසැන පුවත්දේශීය

මෙටා සමාගමේ ආහාර වවුචර් අවභාවිතා කළ සේවකයන් පිරිසක් රැකියාවෙන් නෙරපයි.

ලෝකයේ ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාලා අයත්, සමගාමක් වන මෙටා ආයතනයේ කාර්යය මණ්ඩලයට දෙන ආහාර වවුචරය අවභාවිතා කිරීමේ සිදුවීමක් විගණනයේදී හෙළිවී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මෙටා ආයතයේ අනුබද්ධිත ආයතනික කාර්යාලවල සේවකයින්ට වරප්‍රසාදයක් ලෙස සේවා කාලය තුළ ආහාර සැපයීම ආයතනයේ වියදමෙන් සිදු කරයි. ඒ අනුව උදේ ආහාරය සඳහා ඩොලර් 20 ක්, දිවා ආහාරය සහ රාත්‍රී ආහාරය සඳහා ඩොලර් 25 බැගින් ඔවුන්ට රැකියාවේ යෙදී සිටියදී ආහාර ලබා ගත හැකියි.  එම ආයතනයට අයත්, නිව් යෝර්ක් නගරයේ පෙන් ස්ටේෂන් අසල මෙටා කාර්යාලය, කාර්ය මණ්ඩලය සඳහා නොමිලයේ විවිධ කුටි සහිත ඉහළ මට්ටමේ ආහාර ලබා දෙන ආපනශාලාවක් පවත්වාගෙන යන බව සඳහන්. එනමුත්, ආහාර සේවා නොමැති කුඩා කාර්යාලවල සේවකයින් සඳහා, සමාගම ආහාර වවුචර ලබාදෙන අතර, එම ආහාර වවුචරවලින් මිලදී ගත හැක්කේ කාර්යාලයේ වැඩ කරන කාලය සඳහා ආහාර ලබා ගැනීමට පමණක් බවද සඳහන්.

කෙසේ නමුත් එම සේවකයන් එකී ආහාර වවුචර් යොදා ගනිමින්, රෙදි සෝදන ඩිටර්ජන්ට්, වයින් වීදුරු සහ කුරුලෑ ප්‍රතිකාර ද්‍රව්‍ය වැනි දෑ මිලදී ගෙන තිබේ. තවත් සමහරෙක් මෙම වවුචර භාවිත කොට ඔවුන්ගේ නිවෙස්වලට ආහාර ගෙන ගොස් ඇතැයි ද විගණනයේ දී අනාවරණය වී තිබේ.

ආහාර දීමනා අවභාවිතා කළ මෙටා ආයතනය ලොස් ඇන්ජලීස් කාර්යාලයේ සේවකයින් 25 ක් පමණ සේවයෙන් ඉවත් කර තිබේ.

මෙම ආහාර වවුචර ලබා දී ඇත්තේ සේවකයින්ට කාර්යාලයේ වැඩ කරන අතරතුර ආහාර ගැනීම සඳහා පමණයි.

නමුත් මෙටා ආයතනයේ අභ්‍යන්තර පරීක්‍ෂණයකින් හෙළි වී ඇත්තේ සමහර සේවකයින් ආහාර වෙනුවට වෙනත් දේවල් මිලදී ගැනීමට (රෙදි සෝදන ඩිටර්ජන්ට්, වයින් වීදුරු සහ කුරුලෑ ප්‍රතිකාර ද්‍රව්‍ය) මෙම ආහාර අරමුදල් භාවිත කර ඇති බවයි.

Related posts

தாக்குதல் நடத்த தயாராகும் பிரான்ஸ்

Mohamed Dilsad

UNP’s Vadivel Suresh pledges support to Mahinda Rajapaksa

Mohamed Dilsad

මොංගෝලියා ආරක්ෂක උපදේශක ශ්‍රී ලංකාවේ සංචාරයක

Editor O

Leave a Comment