Trending Newsඑසැන පුවත්දේශීය

නාම යෝජනා ලබානොදීමට එරෙහිව සමාජ මාධ්‍ය ක්‍රියාකාරික අශේන් ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

පාර්ලිමේන්තු මැතිවරණයට, කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් බාරදුන් නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට තේරීම්භාර නිලධාරියා ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වන අශේන් සේනාරත්න ගොනුකළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම ගත් තීරණය සම්බන්ධයෙන් පසුගිය 16 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කොළඹ දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීවරයාට සහ මැතිවරණ කොමිසමට එරෙහිව අශේන් සේනාරත්න විසින් රිට් පෙත්සමක් ගොනුකළේය.

මැතිවරණ කොමිසම විසින් අශේන් සේනාරත්නගේ නාම යෝජනා ඉල්ලුම් පත්‍රය“බලයලත් නියෝජිතයෙකු විසින් ඉදිරිපත් කොට නොමැති වීමේ පදනම” මත ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර තිබිණ,

මෙහිදි අශේන් සේනාරත්න පවසා සිටියේ නාම යෝජනා ඉල්ලුම් පත්‍රය භාර දෙන අවස්ථාවේදී තමා එම ස්ථානයේ රැඳී සිටි බවත් එහිදී නාම යෝජනා භාර ගැනීමේ කටයුතු සිදු කළ නිලධාරීන් විසින් තමාව ඉඳගෙන සිටීමට සලස්වා කණ්ඩායමේ වෙනත් අයෙකු වෙතින් අදාළ ඉල්ලුම් පත්‍ර ලබා ගැනීමට කටයුතු කළ බවයි.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අශේන් පවසා තිබුණේ තමාට නාමයෝජනා ලබා දීම ප්‍රතික්ෂේප කිරීම පිටුපස අදෘශ්‍යමාන දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වී ඇතිද යන්න පිළිබඳව සැකයක් පවතින බවයි.

Related posts

அமெரிக்காவின் இலங்கை மீதான பயண ஆலோசனை நீக்கம்

Mohamed Dilsad

New Postmaster General Appointed

Mohamed Dilsad

பாலைவனத்தில் சிக்கிய சுற்றுலா பயணிகளை காப்பாற்றிய துபாய் மன்னர்

Mohamed Dilsad

Leave a Comment