Trending Newsඑසැන පුවත්දේශීය

සංචාරයට පැමිණි ඊශ්‍රායල ජාතිකයන් පිරිසක් ශ්‍රී ලංකාවෙන් පිටව යයි

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සදහා මෙරටට පැමිණ සිටි ඊශ්‍රායල ජාතිකයන් 22 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළෙන් අද (24) දින අලුයම පිටත්ව ගොස් ඇතැයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සදහා මෙරටට පැමිණ සිටි ඊශ්‍රායල ජාතිකයන් 22 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළෙන් අද (24) දින අලුයම පිටත්ව ගොස් ඇතැයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ආරුගම්බෙ ප්‍රදේශයට එල්ල කිරීමට සැළසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙන්ම ඊශ්‍රායල රජය විසින් ද ශ්‍රී ලංකාව තුළ තවදුරටත් රැඳී සිටීම අවදානම් බව ප්‍රකාශ කිරීමත් සමග , මෙම ඊශ්‍රායල ජාතිකයන් පිරිස ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත්, ඔවුන් පිටත් කර හැරීම ට පියවර ගෙන තිබේ.

මෙම ඊශ්‍රායල ජාතිකයන් පිරිස ඩුබායි බලා ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 570 දරන ගුවන් යානයෙන් අද (24) අලුයම 03.03 ට පිටත්ව පිටත්ව ගොස් තිබේ. කටුනායක ගුවන් තොටුපොළ සිට නියමිත කාල සටහනකට අනුව ඊශ්‍රායලය වෙත ගමන් කරන ගුවන් යානා නොමැති නිසා , මෙම ඊශ්‍රායල ජාතිකයන් පිරිස ඩුබායි වෙත ගොස් එතැන් සිට ඊශ්‍රායලයේ ටෙල්අවිව් හෝ ජෙරුසෙලම ගුවන් තොටුපොළ පිටත්ව යාමට නියමිතයි.

Related posts

தெமடகொடயில் வெடிப்புச் சம்பவம்

Mohamed Dilsad

ජා ඇළ සහ වත්තලට පොලිස් ඇදිරි නීතිය

Mohamed Dilsad

Three office trains cancelled after derailment

Mohamed Dilsad

Leave a Comment