Trending Newsඑසැන පුවත්දේශීය

රන්ජන් රාමනායකට එරෙහිව ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි.

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට, ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් නාමයෝජනා බාරදී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) නියම කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ සඳහා ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකු වන කේ.එම්. මහින්ද සේනානායක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණ. වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කෙරිණ.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම හා එහි සාමාජිකයින්, රන්ජන් රාමනායක, ගම්පහ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ඇතුළු පිරිසක් නම් කර තිබිණ.

Related posts

ටෙලිකොම් හි සභාපති ඉල්ලා අස් වේ

Mohamed Dilsad

இராணுவ வண்டி புகையிரதத்துடன் மோதிய விபத்தில் 06 இராணுவ வீரர்கள் உயிரிழப்பு (UPDATE)

Mohamed Dilsad

Former Olympic 1500m champion Kiprop denies doping

Mohamed Dilsad

Leave a Comment