Trending Newsඑසැන පුවත්දේශීය

වත්මන් ආණ්ඩුවේ නියෝජිතයන් රූපවාහිනී විවාද මගහරිනවා – කංචන විජේසේකර

වත්මන් ආණ්ඩුවේ නියෝජිතයන් මේ වන විට, ඇතැම් රූපවාහිනී නාලිකාවල විවාද වැඩසටහන් සඳහා නොපැමිණෙන බව හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එසේ නොපැමිණෙන්නේ ඔවුන්ට විපක්ෂයෙන් එල්ල වන චෝදනාවන්ට උත්තර දීමට නොහැකි නිසා බවද විජේසේකර මහතා සඳහන් කරයි.

තමන් ආණ්ඩුවේ සිටියදී කිසිම අවස්ථාවක වාද විවාද මඟහැර නැති බවත් ඒවාට සහභාගි වී ඇති බවත්, ඇතැම් අවස්ථාවල උත්තර දීමට අසීරු ප්‍රශ්න පවා ඒවායේදී මතුවූ බවත් හෙතෙම සඳහන් කරයි.

එසේ වුවත් ආණ්ඩු පාර්ශ්වය මෙතෙක් කලක් වාද විවාද සඳහා සහභාගි වී ඇතත් ජාතික ජනබලවේගය දැන් විපක්‍ෂයේ ප‍්‍රශ්නවලට තමන්ට උත්තර දීගත නොහැකි වීම නිසා වාද විවාද පවා මඟ හරිමින් සිටින තත්ත්වයකට පත්ව ඇතැයිද කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

Related posts

මෙරට කොවිඩ් ආසාදිතව සුවය ලැබූවන් 35, 000 ඉක්මවයි

Mohamed Dilsad

හොරණ කර්මාන්ත ශාලා කිහිපයක කටයුතු තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ඉන්දියාවේ සිට පැමිණි ලාංකිකයන්ට සෞඛ්‍ය අංශය කල දැනුම් දීම

Mohamed Dilsad

Leave a Comment