පාර්ලිමේන්තුව දෙසැම්බර් මස 03 වන දින පෙරවරු 9.30ට දක්වා කල් තැබීය. ඒ බව ජනාධිපතිවරයා අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඒ සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුව කල් තැබීම සඳහා යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමෙන් පසුව මෙලෙස සභාව කල් තැබීම සිදු විය.