Trending Newsඑසැන පුවත්දේශීය

යාපනය නල්ලූර් කෝවිලත් ජලයෙන් යටවෙයි. උතුරේ පුද්ගලයන් 78000ක් පීඩාවට

ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් සහ ඇති වූ ගංවතුර තත්වයන් හේතුවෙන් යාපනය දිස්ත්‍රීක්කයටද දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර නල්ලූර් පුදබිම ඇතුලු ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට මෙන්ම ජනජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

උතුරු පළාතේ පවුල් 23,786 කට අයත් පුද්ගලයින් 78,530 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ ඒකකය පවසයි. මේ අනුව ගංවතුර තත්ත්වයන් හේතුවෙන් උතුරු පළාතේ වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ මන්නාරම් දිස්ත්‍රීක්කයට වන අතර ඒහි පවුල් 18,774 කට අයත් පුද්ගලයින් 61,674 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.

දෙවනුව යාපනය දිස්ත්‍රීක්කයට වන අතර එහිදී පවුල් 2706 කට අයත් පුද්ගලයින් 9642 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතරම, කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පවුල් 811 කට අයත් පුද්ගලයින් 2750 දෙනෙකු සහ මුලතිව් දිස්ත්‍රීක්කයේ පවුල් 1495 කට අයත් පුද්ගලයින් 4664 දෙනෙකු පීඩවන්ට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ ඒකකයන් පවසන්නේ. මේ අතර අධික වර්ෂාව සුළං සහ ජලගැලීම් හේතුවෙන් උතුරු පළාතේ නිවසද 75 කට පූර්ණ සහ සුලු හානි සිදුව ඇති බවද සඳහන්.

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මෙලෙස ගංවතුර තත්වයන් ඇතිව තිබෙන අතරම ඉදිරියේදී පවතින තත්වය මීට වඩා වැඩි විය හැකි බැවින් විපතට පත්වන ජනතාව සහ දේපල ප්‍රමාණයන් ඉහළ යා හැකි බවටද ආපදා කළමනාකරන නිලධාරීන් සඳහන් කරති.

පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් පහසුකම් සැපයීමටද දිස්ත්‍රීක් ලේකම් කර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල අධීක්ෂණයෙන් ආපදා කලමනාකරන නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශ නිලධාරීන්ගේද සහාය ඇතිව ප්‍රදේශ බාර ග්‍රාමසේවක නිලධාරීන් මාර්ගයෙන් කටයුතු කිරීමටද පියවර ගෙන තිබේ.

Related posts

Kudu Roshan’s brother among suspects arrested over Madampitiya murders

Mohamed Dilsad

இலங்கை – ஈரான் ஜனாதிபதிகள் சந்திப்பு

Mohamed Dilsad

මූල්‍ය වංචාවක් නිසා රාජ්‍ය සේවයෙන් නෙරපූ පුද්ගලයෙක්, මාලිමා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සිටින බවට අනාවරණයක්

Editor O

Leave a Comment