Trending Newsඑසැන පුවත්දේශීය

සුදුවෑන් නඩුවෙන් රාජිත සේනාරත්න නිදොස් කොට නිදහස්

ආන්දෝලනයකට තුඩු සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළේය.

2019 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සුදුවෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යෑම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක් හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩුවක අවසන් තීන්දුව ප්‍රකාශයට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිදොස් කොට නිදහස් කළේය.

2019 වසරේ නොවැම්බර් 10 වනදා කොළඹ පැවති අදාළ මාධ්‍ය සාකච්ඡාව හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කිරීමේ අරමුණින් බොරු සාක්ෂි නිර්මාණය කිරීම, ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම චෝදනා එල්ල කර තිබුණි.

Related posts

Wounded Yemeni rebels to be evacuated

Mohamed Dilsad

හිටපු ජනාධිපති මෛත්‍රීපාල ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කරයි.

Editor O

Man found shot dead inside Kataragama holiday resort

Mohamed Dilsad

Leave a Comment