Trending Newsඑසැන පුවත්දේශීය

මේසෙට තට්ටු කරලා තමන්ට හිතු ගානකින් හාල් මෝල් හිමියන් එකඟ ගානකින් හාල් මිල වැඩි කරන්න නම් ඒ ජනාධිපති ධූරයේ තත්ත්වය මොකක්ද? – පාඨලී චම්පික රණවක

හාල් සහ පොල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාවට ජනකාන්තවාදී බොරු ප්‍රකාශ කරන බවට එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරයි.

සහල්, පොල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර සුරක්ෂිතතාව පිළිබඳ එක්සත් ජනරජ පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව බලයට පත්වීමට පෙර හාල් මෝල් හිමියන්ට එරෙහිව දැඩි ප්‍රකාශ කළ නමුත්, බලයට පත්වීමෙන් පසු ඔවුන් සමඟ එකඟතාවකට පැමිණ හාල් මිල ඉහළ දැමීමට කටයුතු කළ බවයි.

“ජනාධිපතිතුමා මේසෙට තට්ටු කරලා තමන්ට හිතු ගානකින් හාල් මෝල් හිමියන්ට එකඟ වෙන ගානකින් හාල් මිල වැඩි කරන්න නම් මොකක්ද ඒ ජනාධිපති ධූරයේ තත්ත්වය?”

වී කිලෝ 100කින් නිපදවිය හැකි හාල් ප්‍රමාණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ මත පළ කළද, ලංකාවේ හාල් හිඟයක් නොමැති බව ද, රණවක මහතා පෙන්වා දෙයි.

“මහ මෝල් හිමියන් කියනවා වී කිලෝ සීයකින් හාල් කිලෝ හැට දෙකයි දශම පහයි හදන්න පුළුවන් කියලා. කෘෂිකර්ම අමාත්‍යාංශය කියනවා වී කිලෝ සීයකින් හාල් කිලෝ හැට අටක් හදන්න පුළුවන් කියලා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණාගාරයේ ඉන්න මාරඹේ මැතිතුමා ඇතුළු අය කියනවා නෑ හැත්ත දෙකක් පුළුවන් කියලා. කුඩා මෝල් හිමියෝ කියනවා පනස් දෙකයි පුළුවන් කියලා. ඇත්තටම මේ පවරගත්ත, පනස් දෙක ගත්තත්, හැට දෙක ගත්තත්, හැට අට ගත්තත්, හැත්තෑ දෙක ගත්තත් ලංකාවේ හාල් හිඟයක් නැහැ. මේ සංඛ්‍යා ලේඛන දිහා බැලුවහම. එහෙනම් මොකක්ද මේ වෙලා තියෙන්නේ? ඉතාම පැහැදිලියි මේ බෙදා හැරීම සහ සහල් තොග පවත්වා ගැනීම පිළිබඳව විධිමත් දැනුමක් වෙළඳ ඇමතිට හෝ කෘෂිකර්ම ඇමතිට හෝ ජනාධිපතිට හෝ ඒ අදාළ ආයතන වලට නෑ.”

හාල් මිල පාලනය කිරීමේ වගකීම වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට පැවරී ඇති බවත්, එම වගකීම ඔහු නිසි ලෙස ඉටු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් රණවක මහතා ප්‍රකාශ කළේය.

“වසන්ත සමරසිංහ මැතිතුමා වාණිජ ඇමති හැටියට දිවුරුම් දෙද්දී එතුමාගේ ගැසට් නිවේදනයේ, එතුමා බලයට පත් කරපු ගැසට් නිවේදනයේ, බොහොම පැහැදිලිව තියෙනවා. එතකොට මේ මේ ගැසට් නිවේදනයට අනුව තමයි, මේ නිල ලියවිල්ලට අනුව තමයි එතුමාට මේ බලය ලැබිලා තියෙන්නේ. අලි ගම් වැදිලා මේ විනාශ වෙනවා. මාෆියාකාරයෝ හාල් හංගං ඉන්නවා වගේ උත්තර දෙන්න බෑ. මේක ත

Related posts

மழையுடனான வானிலை இன்று சற்று அதிகரிக்கும் சாத்தியம்

Mohamed Dilsad

Dilshan joins City Kaitak for Hong Kong T20 Blitz

Mohamed Dilsad

මහ මැතිවරණ ගැසට් නිවේදනය බල රහිත කිරීමට තවත් පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment