Trending Newsඑසැන පුවත්දේශීය

ආචාර්යය, මහාචාර්යය තනතුරු අවභාවිතා කළ අයට වැඩ වරදී…?

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, මහාචාර්ය සහ සහකාර මහාචාර්ය යන තනතුරු භාවිත කළ හැක්කේ ඔවුන් එම අධ්‍යාපන ආයතනයේ හෝ උසස් අධ්‍යාපන ආයතනයේ සේවය කරන කාලය තුළ පමණක් බව සඳහන් කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග විසින් පසුගිය ජූලි මාසයේ චක්‍රලේඛයක් මගින් සියලු‍ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, සරසවි මණ්ඩප ප්‍රධානීන් හා උසස් අධ්‍යාපන ආයතන අධ්‍යක්ෂවරුන් වෙත දන්වා තිබේ.

මෙම තීරණයට එළඹ ඇත්තේ, කෝප් කමිටුව මගින් ලබා දී ඇති නිර්දේශ අනුව 2024-07-03 වැනි දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පැවැති 1120 වැනි හමුවේදීයි. කෙසේ වෙතත් මහාචාර්යවරුන් තනතුරෙන් විශ්‍රාම ගැනීමෙන් පසු කිසියම් විශ්වවිද්‍යාලයක් මගින් ප්‍රදානය කළහොත් පමණක් සම්මානිත මහාචාර්ය යනුවෙන් භාවිත කළ හැකියි.

මේ හේතුවෙන් අලු‍තින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, මහාචාර්ය සහ සහකාර මහාචාර්ය තනතුරු ලබාදීමේදී ඔවුන්ගේ පත්වීම් ලිපිවල ඉහත කී නව වගන්තිය ඇතුළත් කරන ලෙසට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සියලු‍ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, සරසවි මණ්ඩප ප්‍රධානීන් හා උසස් අධ්‍යාපන ආයතන අධ්‍යක්ෂවරුන් වෙත දන්වා තිබෙනවා.

Related posts

කුවේට් රජය සියලු වාණිජ ගුවන් යානා ඇතුළුවිම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

31, 500 police officers promoted

Mohamed Dilsad

2018 போதைப்பொருள் சுற்றிவளைப்புகளில் 736 கிலோ ஹெரோயின் போதைப்பொருள் மீட்பு

Mohamed Dilsad

Leave a Comment