Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය පරිපාලන ඇමතිගේ මහාචාර්යය පට්ටම, ආචාර්යය දක්වා පහත හෙළයි. I වෙබ් අඩවියේ සිංහල සහ දෙමළ භාෂාවලින් ”මහාචාර්යය” ඉංග්‍රීසි භාෂාවෙන් ”ආචාර්යය”

ඉදිරි රාජකාරි කටයුතුවලදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න ලෙස යොදා ගන්නා ලෙස අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (අ/පාලන) විසින් සියලුම ආයතන ප්‍රධානීන් සහ අංශ ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇතැයි වාර්තාවේ.

චන්දන අබයරත්න ඇමැතිවරයාගේ නම මීට පෙර භාවිත කරනු ලැබුවේ මහාචාර්ය පදවිය ද සහිතවය. එම අමාත්‍යාංශයේ වෙබ් අඩවියේද ඇමැතිවරයාගේ නම සඳහන් කර ඇත්තේ මහාචාර්ය චන්දන අබයරත්න ලෙසය.

ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා විසින් ඊයේ (16 වැනිදා) නිකුත් කරන ලද LAD/EST/GA20/MIN/001 අංක දරන ලිපිය මගින් සඳහන් කර ඇත්තේ ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න ලෙස යොදා ගන්නා ලෙසය.

-අරුණ-

කෙසේ නමුත් අමාත්‍යාංශ වෙබ් අඩවිය සිංහල භාෂාවෙන් නිරීක්ෂණයේදී අපට දැන ගත හැකිවූයේ රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබයරත්න මහතා මහාචාර්යය වරයෙක් බවත්,

ඉංග්‍රීසි භාෂාවෙන් වෙබ් අඩවිය නිරීක්ෂණයේදී අපට දැන ගත හැකිවූයේ රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබයරත්න මහතා ආචාර්යයවරයෙක් බවයි.

අමාත්‍යාංශ වෙබ් අඩවිය දෙමළ භාෂාවෙන් නිරීක්ෂණයේදී අපට දැන ගත හැකිවූයේ රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබයරත්න මහතා මහාචාර්යය වරයෙක් බවත්ය.

එමෙන්ම, අමාත්‍යවරයා වැඩබාර ගැනීමට අදාළ තොරතුරු අමාත්‍යාංශ වෙබ් අඩවියේ ඇමතිවරයා මහාචාර්යයවරයෙක් ලෙස හඳුන්වා තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට අදාළ විස්තරවල දැක්වෙන්නේ ද මහාචාර්යය චන්දන අබයරත්න ලෙසය.

විකිපීඩියා හි අමාත්‍යවරයා මහාචාර්යය ලෙස ද සඳහන් වේ.

Related posts

නාඳුනන තුවක්කුකරුවෙක් තලංගමදී ක්‍රියාත්මක වෙයි

Mohamed Dilsad

Ukraine official charged over acid killing

Mohamed Dilsad

கட்டுகஸ்தோட்டை, திகனையில் இனவாதிகளின் தாக்குதலுக்குள்ளாக்கப்பட்ட பள்ளிவாசல்கள், கடைத்தொகுதிகளை அமைச்சர் ரிஷாட் பார்வையிட்டார்..-(படங்கள்)

Mohamed Dilsad

Leave a Comment