Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට ආචාර්යය හර්ෂ ද සිල්වා පත්කරයි.

පාර්ලිමේන්තු මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නැවත පත් කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට ඊයේ (18) නිවේදනය කළේය.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මීට පෙර ද එම කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය. ඊට අමතරව එම කාරක සභාවේ සේවය කිරීම සඳහා වන කාරක සභා සාමාජිකයන්ගේ නම් ද කථානායකවරයා විසින් නිවේදනය කළේය. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, රවි කරුණානායක, හර්ෂණ රාජකරුණා, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිලිණ සමරකෝන්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් මුදල් පිළිබඳ කාරක සභාවේ සෙසු සාමාජිකයන් වේ.

Related posts

அர்ஜூன ரணதுங்கவின் பாதுகாப்பு உத்தியோகத்தர் பிணையில் விடுதலை

Mohamed Dilsad

ප්‍රවෘත්ති විකාශන අතරතුර මනාප අංක ප්‍රදර්ශණය නොකරන්න

Mohamed Dilsad

මුදල් අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment