Trending Newsඑසැන පුවත්දේශීය

අර්ජුන මහේන්ද්‍රන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු

හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයකු වූ අජාන් ගාර්දිය පුංචිහේවා යන අය වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ, 2015 පෙබරවාරි 27 වනදා සිදුවූ මහබැංකු බැඳුම්කර වෙන්දේසියේදී රජයට රුපියල් මිලියන 600 ක පාඩුවක් සිදුකළ බවට ගොනුකර ඇති නඩුව ඊයේ (දෙසැම්බර් 19) කැඳවූ අවස්ථාවේදී ය.

ඉහත සැකකරුවන් දෙදෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබියදීත් ඔවුන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ වරෙන්තු නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

එසේම මෙම නඩුවේ තවත් සැකකරුවකු වන, දැනට වෙනත් නඩුවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින අර්ජුන් ඇලෝෂියස්ව ද මීළඟ නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේය.

Related posts

තුන් දෙනාගේ ආණ්ඩුවෙන් 2025 වසරේ පළමු මාස 04 ට අතුරු සම්මත ගිණුමක්

Editor O

வெல்லம்பிடியவில் இடம்பெற்ற விபத்தில் குடும்பஸ்தர் பலி

Mohamed Dilsad

දමිතා අබේරත්න ඇප මත මුදා හරී

Mohamed Dilsad

Leave a Comment