ප්‍රමුඛ පුවත 1

වේයන්ගොඩ පිපිරීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

(උදයම්,කොළඹ)  – වේයන්ගොඩ කූරිකොටුව ප්‍රදේශයේ සේවා ස්ථානයක කාබයිට් ටැංකියක් පුපුරා යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වෙයි

අද(23) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර එම ස්නථායේ සේවය කළ සේවකයෙකු බරපතල තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි කූරිකොටුව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව වාර්තා වේ.

මෘත ශරීරය මේ වන විට වතුපිටිවල රෝහලේ තැන්පත් කර ඇති අතර වේයන්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ඉන්ෆ්ලුවන්සා උණ රෝගය පැතිරයෑමේ අවධානමක්….

Mohamed Dilsad

ගම් උදාවට අමතරව වැව් උදාවක් – සජිත්

Mohamed Dilsad

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ ඇදිරි නීතිය පෙ.ව.10.00ට ඉවත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment