Trending Newsඑසැන පුවත්දේශීය

අධිකරණ ඇමතිට වෙච්ච දේ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා කියයි.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා තමන්ගේ නමට ඉදිරියෙන් ආචාර්ය පදවිය සටහන් වීම තුළින් තමන්ට අපහාසයක් සිදුවූ බව කියමින් පාර්ලිමේන්තු වෙබ් අඩවිය බාර නිලධාරීන්ට එරෙහිව රහස් පොලීසියට පැමිණිලි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු රටෙන්ම සමාව ගතයුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි. කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා එසේ පැවසීය.

අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. “අධිකරණ ඇමතිතුමාට වෙලා තියෙන්නේ අර කොහොල්ලෑ බබාට වෙච්චි දේ. ගහන ගහන තැන ඇලෙනවා. අධිකරණ ඇමතිතුමාට ආචාර්ය පදවිය ආරූඬ කරලා තියෙන්නෙ ජනතා විමුක්ති පෙරමුණෙන් නැත්නම් NPP එකෙන් පාලනය වෙන පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයෙන්. දැන් එතුමා මහජනතාවගෙන් සමාව ගන්න. පාර්ලිමේන්තුවේ නිලධාරීන්ගෙන් කොන්දේසි විරහිතව සමාව ගන්න. රටෙන්ම සමාව ගන්න මේ විහිළුකාරී ද්වේෂසහගත හැසිරීම ගැන” යැයි ද කිවේය.

Related posts

විශේෂ මැතිවරණ විකාශය සජීවීව utvnews වෙබ් අඩවිය ඔස්සේ නරඹන්න

Mohamed Dilsad

දුම්රිය ගමන්වාර 34ක කාලසටහන වෙනස් වෙයි

Mohamed Dilsad

இலங்கை கிரிக்கெட் அணி இன்று நாடு திரும்பல்

Mohamed Dilsad

Leave a Comment