Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

විසි ලක්ෂ වෙනි සංචාරකයා ශ්‍රී ලංකාවට පැමිණෙයි.

මෙම වසරේ විසිලක්ෂ වැනි සංචාරකයා අද (26) දින පෙ.ව 10.49ට බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණින. බැංකොක් සිට පැමිණි UL 403 ගුවන් යානයෙන් එම සංචාරකයා පැමිණින.

විසිලක්ෂ වැනි සංචාරකයා පිළිගැනීමට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා සමඟ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා ගුවන්තොටුපලට පැමිණ තිබිණ.

සංචාරකයා පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ද බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිල්ක් රූට් ලොජ් හි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සංවිධානය කර තිබිණ. මෙය වාර්ෂික සංචාරක පැමිණීම ලක්ෂ 20 ඉක්මවන සිව්වන අවස්ථාව වන අතර මීට පෙර ලක්ෂ 20 ඉක්මවා තිබුණේ 2016‍, 2017, 2018 වසරවල දී පමණි.

2018 වසරින් පසුව වසරක් තුළ වැඩිම සංචාරකයින් පැමිණීම වාර්තා වන්නේ මේ වසරේදීයි. දෙසැම්බර් මාසයේ පළමු දින 26 තුළ සංචාරකයන් 195127ක් පැමිණ ඇති අතර දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රිය වන විට සංචාරකයන් 250000 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. (අපේක්ෂිත සංඛ්‍යාව 256,389කි) මීට පෙර එක් මසක් තුළ සංචාරකයන් 250000 ඉක්මවා තිබුණේ 2019 පෙබරවාරි මාසයේ පමණි. (ඒ 252,033කි)

පාස්කු ප්‍රහාරය‍, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටුණු අතර නව රජය පත් වීමෙන් පසු සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. විදේශ සංචාරකයන් මුහුණ දුන් ඔන්ලයින් වීසා ගැටලු විසඳීම‍‍, සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අමතරව සංචාරක සේවා සපයන්නන් මුහුණ පෑ ගැටලු කඩිනමින් විසඳීමටත් වත්මන් රජය පියවර ගැනින.

ඒ අනුව ඉකුත් මාස 03ක කාලය තුළ පමණක් සංචාරකයන් 515,192ක් මෙරටට පැමිණ තිබේ. රටවල් 39කට නොමිලේ වීසා පහසුකම් ලබා දීමටත් නව රජය කටයුතු කළේ ය. ඒ 2025 වර්ෂයේ සංචාරකයන් ලක්ෂ 30ක් මේ රටට ගෙන්වා ගැනීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමටයි.

Related posts

Outgoing Seychelles Ambassador calls on President

Mohamed Dilsad

දේවගැති ජෙරම් අදත් එයි

Mohamed Dilsad

Two men hit by train while walking on tracks in Talpitiya

Mohamed Dilsad

Leave a Comment