අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් කුමාර රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බව සඳහන්.
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ, කීර්ති නාමයට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන හඬපටය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණි අවස්ථාවේ නාමල් කුමාර මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.