Trending Newsඑසැන පුවත්දේශීය

සිළුමිණ පුවත්පතේ සුමුදු චතුරානි නියෝජ්‍ය කර්තෘ ධූරයෙන් ඉවතට – අලුත් සභාපතිගේ තීරණයක්

ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කතෘ සුමුදු චතුරානී ජයවර්ධනව වහාම ක්‍රියාත්මක වන පරිදි එයින් නෙරපාහැර පුහුණු අංශයට යවා තිබෙන බව වාර්තා වේ.

සම්මුඛ පරීක්ෂණයක් හරහා ඉහළම ලකුණු ලබාගෙන සිළුමිණ නියෝජ්‍ය කතෘ ලෙස පත්ව සිටි ඇය ප්‍රවීණ මාධ්‍ය වේදිනියක,ලේඛිකාවක මෙන්ම රුපවාහිනී සම්ප්‍රවේශකාවක ලෙසද ප්‍රකට චරිතයක්.

මෙම ඉවත් කිරීම පිළිබඳව ආයතනයේ කතෘමණඩල අධ්‍යක්ෂවරයා,සිළුමිණ ප්‍රධාන කතෘවරයා පවා සිය විමතිය සහ අප්‍රසාදය පළකර ඇති නමුත් සභාපතිවරයා අදාළ තීන්දුව ගෙන තිබේන්නේ ‘ඉහළින් ආ නියෝගයක් ‘ බව පවසා බවයි වාර්තා වන්නේ.

ඒ, ‌ලේක්හවුස් ආයතනයේ නව සභාපතිවරයා ලෙස පත්වුණු ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ආයතනය තුළ බරපතල අප්‍රසාදයක් සහ කැළඹීමක් හටගෙන ඇති පසුබිමකයි.

ඉකුත් ජනවාරි දෙවෙනිදා වැඩ ආරම්භ කරමින් ඔහු කළ කතාව මෙතෙක් ලේක්හවුස් ඉතිහාසයේ කිසිදු සභාපතිවරයෙක් නොකළ අන්දමේ අත්තනෝමතික තර්ජනාත්මක කතාවක් බව සේවකයින් මෙන්ම සියලුම වෘත්තිය සමිතිද අවධාරණය කරනවා.

“මාත් එක්ක ගේම් කෝල් කරන්න එපා. මං ඕනම දේකට ලෑස්තියි.මට ඕන අය දානවා.බැරි උන්ට යන්න පුලුවන්. ගේම නම් ගේම“වැනි වදන් වලින් ඔහු සේවකයින්ට තර්ජනාත්මක නියෝග ලබාදී ඇති බවද වාර්තා වනවා.

මේ අතර, සම්මුඛ පරීක්ෂණ හරහා නීත්‍යානුකූලව ලබාදී ඇති කතෘ මණ්ඩලයේ තනතුරුවල පවා වෙනස්කම් සිදුකරමින් ඔහු අන්තනෝමතිකව කටයුතු කරමින් සිටින බවත්, කතෘමණ්ඩල අධ්‍යක්ෂවරයා මෙන්ම,ප්‍රධාන කතෘවරුන් පවා නොසලකා හරිමින් ඔහු කටයුතු කරන බවත් පැවසෙනවා.

තම හිතවතුන් යැයි කියාගත් පිරිසකට තනතුරු ලබාදීම සඳහා ඔහු පිඹුරුපත් සකසමින් සිටින බවත්,තමන්ට අවශ්‍ය අය පත් කරන නිසා ඕනම කෙනෙකුට ඉවත්ව යෑමට හැකි බවත් ඔහු පවසා තිබෙනවා.

මේ වන විට සභාපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව සමස්ථ කාර් මණ්ඩලය බරපතල කලකිරීමක සිටින අතර,වෘත්තීය සමිති සියල්ල ඒකමතිකව ඔහුට එරෙහි ස්ථාවරයකට පැමිණ සිටින බවද වාර්තා වෙනවා.

ගාමිණී වරුෂමාන මහතා කලක් ලේක්හවුස් ආයතනයේ සේවයකොට ඇති අතර,එවක ඔහුට කරගැනීමට නොහැකිවූ කාරණා පිළිබඳව වාඩුව පිරිමසා ගැනීමට වර්තමාන සභාපති තනතුර භාවිතා කරමින් සිටින බවයි සේවකයින්ගේ මතය වී තිබෙන්නේ.

Related posts

Fmr. Deraniyagala Pradeshiya Sabha Chairman sentenced to 24-years RI

Mohamed Dilsad

Kelaniya Uni. opens today

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා ඉවත් කරගන්නා ලෙසට විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment