ඉදිරි දිනවලදී අනවසර සංක්‍රමණිකයින් ලක්ෂයක් මෙරටට පැමිණීමේ අවදානමක් පවතින බව බුද්ධි අංශ වාර්තා කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.එමෙන්ම, එය රටේ සමාජ ප්‍රශ්නයක් ලෙස හඳුනාගන්නා බවද අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.
මියන්මාර් අනවසර සංක්‍රමණිකයන් 116 ක් රටට ඇතුළු වී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරමින් පවතින බව ත් ඔහු පැවසීය.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙසේද කීවේය. “මියන්මාර් අනවසර සංක්‍රමණිකයන් 116ක් රටට ඇතුළු වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරමින් පවතිනවා. ඔවුන් මුදල් ගෙවලා තමයි මේ ජාවාරමට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔවුන් එරට මුදලින් ලක්ෂ 500ක් පමණ ගෙවලා තියෙනවා. ඊට අමතරව මේ ගමනාගමනය සඳහා රටේ මුදලින් ලක්ෂ 800ක් පමණ සංවිධායකවරුන්ට ගෙවලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පොලීසියෙන් විමර්ශනයක් කරගෙන යනවා.”
ඔවුන් සරණාගතයින් ලෙස හඳුනාගන්නේ නම් ඒ අනුව කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර නීතියට අනුව කටයුතු කරන්නත් අපි සූදානම්. මේ වෙනකොට ඔවුන්ට අවශ්‍ය පහසුකම්, කෑම බීම ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා අපි දීලා තියෙනවා.”
දැනට පොලීසිය පවත්වාගෙන යන විමර්ශන අනුව සහ බුද්ධි අංශ වාර්තා කරලා තියෙන කරුණු අනුව මෙවැනි අනවසර සංක්‍රමණිකයින් ලක්ෂයක් ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ අපේ රටේ සමාජ ප්‍රශ්නයක් ලෙස හඳුනාගන්නවා.”