Trending Newsඑසැන පුවත්දේශීය

කැළණිය සහ අඟුණකොළපැලැස්ස සමූපකාර ඡන්දවලින් මාලිමාවට අන්ත පරාජයක්

කැළණිය විවිධ සේවා සමූපකාර සමිතිය සඳහා පැවති නිලවරණයේදීත් ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව ඇති බව වාර්තා වේ. පෙරේදා (11) පැවති මෙම නිලවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර ඇත්තේ සභික ධුර 32ක් පමණක් වන අතර සමගි ජන බලවේගය සහාය දුන් කණ්ඩායම සභික ධුර 99ක් ජයග්‍රහණය කර ඇති බව සඳහන්.

ජාතික ජන බලවේගය මෙම සමූපකාර ඡන්දයේදී ජාතික මැතිවරණයක කටයුතු ආකාරයෙන් පෝස්ටර් අලවමින්, අත්පත්‍රිකා මුද්‍රණය කර බෙදාහරිමින්, ගෙන්ගෙට ගොස් ද ප්‍රචාරණ කටයුතු සිදුකර තිබියදීත් මෙසේ ඔවුන් පරාජයට පත්වීම විශේෂත්වයකි. අගුණුකොලපැලැස්ස සමුපකාර නිලවරණයේදී ස්වාධීනව තරග කළ කණ්ඩායම ඡන්ද 143ක් ලබා ගනිද්දී ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම ලබා ඇත්තේ ඡන්ද 128කි.

මීට පෙර වැලිවිටිය දිවිතුර සමූපකාර නිලවරණයෙන්ද ජාජබ පරාජයට පත්විය.

Related posts

බේකරි නිෂ්පාදනවල මිල යළිත් ඉහළ දැමීමේ සූදානමක්

Mohamed Dilsad

News Hour | 06.30 AM | 22.11.2017

Mohamed Dilsad

සෞඛ්‍ය වෘත්තිකයින් ලබන බ්‍රහස්පතින්දා වැඩවර්ජනයකට

Mohamed Dilsad

Leave a Comment