Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

තෛපොංගල් බත උයන්න රතු හාල් නැති බවට ජනතාවගෙන් දුරකථන ඇමතුම් ලැබෙනවා – වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ

තෛපොංගල් බත උයන්න රතු සහල් වුවමනා බවත්, රතු සහල් හිඟයක් තිබෙන බවට, අද සමාජයේ කතාබහක් ඇතිවී තිබෙන බවත්, අද දවසේ තෛපොංගල්වී බත උයන්න සහල් සැපයීමට තම ආණ්ඩුවට නොහැකිවී ඇති බවත් වෙළඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කරයි.

මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීවේය. වෙළෙඳපොළේ සහල් නැතිවීම පිළිබඳව ජනතාව මට දුරකථන ඇමතුම් ලබා දෙනවා. රතු සහල් මෙහෙම වෙන්නේ ඇයි කියන කාරණය මම කියන්න කැමතියි. විශේෂයෙන්ම රතු සහල් වගාකිරීම් කරන්නේ මාතර, ගාල්ල, හම්බන්තොට, දකුණ වගේම නැගෙනහිර පළාත වැනි ප්‍රදේශවල මේ වී වගාකරන ප්‍රදේශවල මෝල්වල වගේම, ගබඩා සම්බන්ධවත් අපි සමීක්ෂණයක් කළා. ඒ අනුව ගත්තාම අපිට දැනෙනවා පසුගිය 2024 වර්ෂයේ හෙක්ටයාර් 277,315ක් අපේ රටේ රතු සහල් වගා කරලා තියෙනවා. 2024 යල සහ මහ කන්න දෙකම ඒ අනුව වගා කරලා තියෙනවා. මේ අනුව වී මෙට්‍රික් ටොන් මිලියන 1.1ක් අස්වැන්න ලැබිලා තියෙනවා. 

දැන් පටන් ගන්නේ මහ කන්නයේ අස්වැන්න. 2024 මහ කන්නයේදී වගා කරලා තියෙනවා හෙක්ටයාර 277,000 මුළු අවුරුද්දෙම යල කන්නයේදී වගා කරලා තියෙන්නේ හෙක්ටයාර ලක්ෂයයි. යල කන්නයේදී වී අස්වැන්න ලැබිලා තියෙන්නේ හාරලක්ෂ තුන්දහස් අනූ හතක් වගේ ප්‍රමාණයක්, හත්ලක්ෂ හයදහසක් ලැබිලා තියෙනවා මහ කන්නයේදී. 

දැන් අපි සූදානම් වෙන්නේ 2025 මහ කන්නයට. 2025 මහ කන්නයේදී වගා කරලා තියෙනවා හෙක්ටයාර එක්ලක්ෂ හැට එක් දහස් හැට හතක් රතු වී සඳහා වගා කරලා තියෙනවා. අපේක්ෂා කරලා තියෙන වී අස්වැන්න මෙට්‍රික් ටොන් හයලක්ෂ හතලිස් අටදහස් දෙසීය දාසයක්. ඒ අනුව 2025 අවුරුද්දට රතු සහල් හිඟයක් ඇති වෙන්න විදිහක් නෑ. 

2024 හිටපු ආණ්ඩු කරපු සමහර අමනෝඥ වැඩ නිසා තමයි අද තෛපොංගල් බත උයාගන්නත් බැරි වෙලා තියෙන්නේ. පහුගිය ජනාධිපතිවරණයට පෙර ඔබට මතක ඇති රතු සහල් කිලෝ 20ක් ලැබුණා රතු සහල් කන්නේ නැති මිනිස්සුන්ටත් ගිහින් රතු සහල් දුන්නහම සහල්වල හිඟයක් කල්පනා කරන්න තිබුණා. ඒ වෙලාවේ කිලෝ 20 ගානේ රතු සහල් අරන් ගිහින් දුන්නා රතු හාල් කන්නේ තැනි මිනිස්සුන්ටත් කන්න කියලා සුදු හාල් කන මිනිස්සුන්ට අවසානෙදි වුණේ රතු සහල්වල හිඟය එගොල්ලේ හැදෙව්වා.”

Related posts

“Lanka – Russia discussing Mi-17 helicopters deal” – Dayan Jayatilleka

Mohamed Dilsad

North Korea test fires new tactical guided weapon – state media

Mohamed Dilsad

மெக்சிகோவில் விமான விபத்தை செல்போனில் வீடியோ எடுத்த பயணி

Mohamed Dilsad

Leave a Comment