Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

2024 වර්ෂයේ සංචාරක ඉපයීම් සියයට 53%කින් ඉහළට

මෙරට සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය 2024 වර්ෂයේ දී සියයට 53.2%කින් ඉහළ ගොස් ඇතැයි මහ බැංකුවේ සංඛ්‍යාලේඛනවල සඳහන්.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024 වසරේ දී 2,053,465 ක්වූ සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති අතර එමගින්, ඩොලර් මිලියන 3,168.6 ක් ආදායමක් ලැබී තිබේ. මෙය වාර්ෂික පදනම මත 53.2% ක වර්ධනයක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

2023 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරක ප්‍රමාණය 1,487,303 ක් වන අතර එමඟින් උපයා ඇති සමස්ත ආදායම ඩොලර් මිලියන 2,068 කි. 2024 දෙසැම්බර් මාසයේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 362.1 ක් ලෙසින් වාර්තා වූ අතර 2023 දෙසැම්බර් මාසයේ දී එය සටහන්ව තිබුණේ ඩොලර් මිලියන 269.3 ක් ලෙසිනි.

Related posts

“People of Sri Lanka” book launching ceremony under President’s patronage

Mohamed Dilsad

තවත් ගම්මානයක් හුදකලා කරයි

Mohamed Dilsad

G-24 Technical Group Meeting at BMICH tomorrow

Mohamed Dilsad

Leave a Comment