Trending Newsඑසැන පුවත්දේශීය

නාඩු සහල් ගෙන්වන මුවාවෙන්, බාස්මතී, මුං ඇට, උඳු ගෙන්වලා – ජාවාරමක් ගැන හිටපු කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරගෙන් හෙළිදරව්වක්

නාඩු සහල් ආනයනය කිරීම සඳහා අවසරය ලබා දී තිබූ කාලයේදී ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද බහාලුම් වල වැඩිපුරම ගෙන්වා ඇත්තේ බාස්මතී සහල්, මුං ඇට, රටකජු සහ උඳු බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටී.

කණ්ඩායමක් සැලසුම් සහගතව සහල් බහෙලුම් අතර සඟවා වෙනත් ධාන්‍ය වර්ග වැඩි වශයෙන් ආනයනය කර ඇති බවත් මේ වන විට ඒවා ඔවුන්ගේ තොග ගබඩාවල සඟවාගෙන සිටින බවත් ඒ මහතා කියා සිටී.

බාස්මති පමණක් ආනයනය කිරීමේදී රජයේ විශාල බදු මුදලක් අය කරන බවත් නාඩු සහල් ආනයනය කරන මුවාවෙන් රුපියල් 65ක බද්ද යටතේ බාස්මතී සහල් විශාල තොගයක් රටට ආනයනය කර ඇති බවත් හෙතෙම පවසයි.

මේ වන විට වෙළඳපොළේ බාස්මතී සහල් පමණක් නොව මුං ඇට උඳු ආදී ධාන්‍ය වර්ගවල මිල ගණන්වල යම් අඩුවීමක් දක්නට ඇත්තේ ආනයනික තොග වෙළඳපොළට නිකුත් කිරීම නිසා බවද හෙතෙම පැවසීය.

එමෙන්ම ආනයනික සහල් තොග මහා පරිමාණ වෙළෙඳුන් විසින් යළි ඇසුරුම් කර වැඩි මිලට වෙළඳපොළ ට නිකුත් කරමින් සිටින බවද පැවසූ ඔහු රටේ සහල් කළමනාකරණයට ආණ්ඩුව අසමත් වී ඇති බවද කියා සිටියි.

රට තුළ රතු කැකුළු සහල් හිඟයක් නැති බවත් එම සහල් තොග දැනටමත් වී මෝල් වල තිබෙන බවත් ඒවා වැඩි මිලට හොර රහසේ අලෙවි කරමින් ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

තමන් කෘෂිකර්ම අමාත්‍යවරයා සිටියදී සහල් කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 170කට වඩා අඩු තත්ත්වයක පැවැත්වූ බවත් සහල් අර්බුදය ඇති වූයේ ගිය රජය අඩු මිලට සහල් ආදායම්ලාභීන්ට බෙදා දීම නිසා නොවන බවත් අඩු ආදායම් ලාභීන්ට රතු සහල් පමණක් නොව සුදු සහල්ද බෙදා දීමට කටයුතු කළ බවත් ඒ මහතා අවධාරණය කරයි.

රතු සහල් සඟවාගෙන සිටින තැන් තමන් දන්නා බවත් අවශ්‍ය නම් ඒවා සොයා දීමේ හැකියාව පවතින බවත් හෙතෙම තවදුරටත්  කියා  සිටියේය.

Related posts

அரச பாடசாலைகளில் மூலிகைச் செடித் தோட்டங்களை அமைக்கும் விசேட வேலைத்திட்டம்

Mohamed Dilsad

குறுகிய காலத்திற்குள் நாட்டின் பிரதான துறைகளில் மாற்றம் ஏற்பட்டுள்ளன. – டிலான் [VIDEO]

Mohamed Dilsad

மின்சாரம் தாக்கி ஒருவர் உயிரிழப்பு

Mohamed Dilsad

Leave a Comment