Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති ටිරාන් අලස් සැකකරුවෙක් ලෙස නම් කරයි: විදේශ ගමන් තහනම්

පුවත්පත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි ලබාගෙන රුපියල් මිලියන 290ක මුදලක් නොගෙවා පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිලෝන් නිව්ස් පේපර්ස් සමාගමේ සභාපති, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සැකකරුවකු වශයෙන් නම්කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. ඒ, එම නඩුව ඊයේ (29) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

ටිරාන් අලස් මහතා අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලමින් අභියාචනාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම ලබන මාර්තු මාසයේදී කැඳවීමට නියමිතව ඇති අතර එතෙක් ඔහුව අත් අඩංගුවට ගැනීමට නොහැකි බව අධිකරණය හමුවේ පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එතෙක් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දුන්නත් ටිරාන් අලස් මහතා අසනීප බව පවසමින් නොපැමිණි බවත් දැනුම් දුන්නේය.

එම නිලධාරීන් කළ ඉල්ලීමක් අනුව ටිරාන් අලස් මහතාගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Related posts

රුසියා ජනාධිපතිගෙන් ලැබුණ ලියුම ගැන මෛත්‍රී කතා කරයි

Mohamed Dilsad

மூன்று நபருக்கு கொழும்பு மேல் நீதிமன்றம் மரண தண்டனை விதித்தது

Mohamed Dilsad

වායු දූෂණ තත්ත්වයේ යළිත් ඉහළ යෑමක්

Mohamed Dilsad

Leave a Comment