Trending Newsඑසැන පුවත්දේශීය

රුපියල් ලක්ෂයක සිද්ධියක් රුපියල් මිලියන 183ක් ලෙස නිවේදනය කළ පොලිස් මාධ්‍ය කොට්ඨාසය

අමාත්‍යාංශ කිහිපයක ලේකම් වරයෙක් ලෙස කටයුතු කරමින් සිට මේ වන විට විශ්‍රාම ලබා සිටින ප්‍රියන්ත මායාදුන්නේ මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින්, ජනතාව නොමග යවන ආකාරයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇතැයි හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්‍ර් මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

එමෙන්ම, රටේ ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු මෙන්ම, ප්‍රියන්ත මායාදුන්නේ මහතාගේ නීතිගරුබව පිළිබඳව සමාජ මාධ්‍ය තුළ සටහන් තබා තිබිණ,

ප්‍රියන්ත මායාදුන්නේ මහතා 2011 වසරේ සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස කටයුතු කරමින් සිටි කාලයේදී ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරීමේ දිනය වෙනුවෙන් පැවති උත්සවයක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක ප්‍රවාහන වියදමක් දැරීම ට අදාළ සිද්ධියක්, පිළිබඳව රුපියල් මිලියන 183ක වියදමක් දැරීමක් ලෙස, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් සමාජ කැළඹීමක් ඇති විය හැකි ආකාරයේ නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබිණ,

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිකුත් කළ නිවේදනය පහතින්

2011 කුරුණෑගල පැවති ” ඉසුරු සවිය ” ජාත්‍යන්තර සමුපකාර දින සැමරුම වෙනුවෙන් සමූපකාර අරමුදලින් රුපියල් මිලියන 183ක් වියදම් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මායාදුන්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබූ බව මාධ්‍ය මගින් ඊයේ (30) සවස වාර්තා කර තිබිණ,

නමුත්, එහි චෝදනාවට ලක්වූ මුදල රුපියල් ලක්ෂයක් බව අධිකරණයේ දී අනාවරණය වී තිබේ. එවක සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස රුපියල් ලක්ෂයක මුදලක් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කිරීමේ චෝදනාවටය..

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ ප්‍රශ්නගත රුපියල් 100,000ක මුදල අදාළ උත්සවයේ ප්‍රවාහන කටයුතු සඳහා වැය කළ බව සැකකරු පැවසුව ද, එය වියදම් කළ ආකාරය සනාථ කිරීමට ඔහු අපොහොසත්වී ඇති බවය.

අදාළ මුදල කවර පුද්ගලයෙකුට ලබාදුන්නේදැයි කළ විමසීමේදී එය එවකට සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයාව සිටී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ආරක්ෂකයෙකුට දුන් බව සැකකරු පැවසුවද ඒ කවර තැනැත්තෙකුටදැයි පැවසීමට සැකකරුට නොහැකි වූ බවද විමර්ශන නිලධාරින් සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකාර ප්‍රියන්ත මයාදුන්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරංග පෙරේරා මහතා කියා සිටියේ අමාත්‍යවරයාගේ උපදෙස් මත එම මුදල ලබාදුන්නද වසර 13කට පෙරවූ සිද්ධියක් බැවින් එම මුදල දුන්නේ කාටද යන්න පිළිබඳ තම සේවා දායකයාට මතකයක් නොමැති බවය. 

මෙම සැකකරු සිද්ධියේ අතරමැදියෙකු පමණක් වන අතර අයථා මුදල් පරිහරණයකට ඔහු වැරදිකරු බව පැවසීමට ප්‍රමාණවත් කරුණු නොමැති බව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර සඳහන් කළාය.  

එබැවින් සැකකරුගේ ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් හේතුවක් නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප 02ක් මත සැකකරු ඇපමත මුදා හැරීමට නියෝග කෙරුණි. විමර්ශනවල ප්‍රගතිය සඳහා නඩුව මැයි 28 වනදා යළි කැඳවීමට නියමිතය.  

Related posts

அடுத்த மாதம் முதலாம் திகதி முதல் அரச ஊழியர்களுக்கு சம்பள உயர்வு

Mohamed Dilsad

தொடர்ந்து 11வது முறையாக முதலிடத்தில் முகேஷ் அம்பானி

Mohamed Dilsad

சாதாரண தர பரீட்சை பெறுபேறுகள் வெளியிடப்படும் நாள் அறிவிப்பு…

Mohamed Dilsad

Leave a Comment