Trending Newsඑසැන පුවත්දේශීය

අනන්‍යතාව හෙළි නොකරමින් තොරතුරු ලබාදීමට පොලීසියෙන් දුරකථන අංකයක්

අපරාධකරුවන් පිළිබඳ තොරතුරු, මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධව පොලීසිය වෙත දැනුම්වත් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විශේෂ කෙටි දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

පොලීසිය වෙත ලබා දෙන තොරතුරු නැවත එම අපරාධකරුවන් සහ නීති විරෝධී ක්‍රියාවන් සිදුකරන්නන් වෙත ලැබෙන බවට මහජනතාව තුළ ඇතිව තිබෙන සැකය මත මෙම දුරකතන අංකය හඳුන්වා දී තිබේ.

ඒ අනුව, තොරතුරු ලබා දෙන්නාට තමන්ගේ අනන්‍යතාවය ප්‍රකාශ කිරීමකින් තොරව පොලීසිය වෙත තොරතුරු ලබා දිය හැකි පරිදි 1997 කෙටි දුරකතන අංකය පොලීසිය විසින් මෙලෙස හඳුන්වා දී තිබේ.

Related posts

பொலிஸ் ஊடகப் பேச்சாளராக மீண்டும் ருவான் குணசேகர !

Mohamed Dilsad

ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකාගේ සොහොයුරා ජීවිතක්ෂයට

Mohamed Dilsad

President requests guidance of Maha Sanga to preserve ola books

Mohamed Dilsad

Leave a Comment