Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දියාවෙන්, ශ්‍රී ලංකාවට තෑග්ගක්

මෙම වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,032ක් පමණ වන බව වාර්තා වෙයි.පසුගිය වසරේදී ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන් කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 245කි.

කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මෙවර ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්කර ඇති බවය.2025 වර්ෂය සඳහා ඉන්දීය අයවැය ඊයේ (01) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය විසින්ය.

එම අයවැයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා ඉන්දීය රුපියල් කෝටි 20,516ක මුදලක් වෙන් කර ඇති අතර එම මුදලින් විදෙස් රටවල් සඳහා ඉන්දීය රුපියල් කෝටි 5,483ක් වෙන් කර ඇත.

ඉන්දීය අයවැයෙන් විදෙස් රටවල් සඳහා වෙන් කළ වැඩිම මුදල ලෙස දැක් වුණේ ඉන්දීය රුපියල් කෝටි 2,150ක මුදලකි. එම මුදල වෙන් කර තිබුණේ භූතානය වෙනුවෙන්ය.

ගියවර ඉන්දීය අයවැයෙන් භූතානය වෙනුනෙන් ඉන්දීය රුපියල් කෝටි 2,068ක මුදලක් වෙන්කර තිබූ බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දුනි

Related posts

මහින්ද රාජපක්ෂ මහත්තයා උදේට නැගිට්ට ගමන් කරන්න ඕන දේ ඇමති තලතා කියයි

Mohamed Dilsad

ගාලුමුවදොර විරෝධතාව අද තුන්වැනි දිනටත්

Mohamed Dilsad

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාසට ලැබෙයිද…? පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment