ජාතික හෙද පුහුණු කිරීමේ නිලධාරීනී පුෂ්පා රම්‍යා ද සොයිසා ට, “ලෝක සම්මානයක් හිමි කර ගත් ප්‍රථම හෙද නිලධාරිනිය” බවට පත් වූවාය. පුෂ්පා රම්‍යා ද සෙයිසා මෙනෙවිය එම සම්මානය ද රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ට්‍රැවිස් හෝටලයේ දී ලෝකයේ රටවල් 52 ක නියෝජිතයන් පිරිසක් සහභාගීත්වයෙන් පැවති ලෝක සාම සමුළුවේ දී පුෂ්පා රම්‍යා ද සොයිසා වෙත ”කිංග් සනී විජයා ජාත්‍යන්තර සම්මානය” පිරි නමා තිබුණි .
මීට අමතරව තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනකු වන කළාවේදිනී ජානකී හිල් , ආචාර්ය අයි.වයි.එම්.අනීෆ් සහ අජිත් ආරියරත්න ද මෙම සමුළුවේ දී සම්මානයට බදුන් වී තිබූ අතර ඔවුන් ශ්‍රී ලංකාව තුළ දිගු කාළීන සිදු කළ සමාජ සේවා කටයුතු අගය කිරීම සදහා මෙම සම්මාන ඔවුන් වෙත ලබා දී තිබුණි .
මොවුන්ට ඉන්දුනීසියාවේ සැනී විජය රජතුමාගේ 95 වැනි උපන් දින උත්සවය ලෝකයේ ආරාධිත රාජතාන්ත්‍රිකයන් 2,500 කගේ සහභාගීත්වයෙන් , මෙම ලෝක සමුළුවට සමගාමිව පවත්වා තිබූ අතර , ඒ සදහා ද මෙම ශ්‍රී ලාංකිකයන් වෙත ආරාධනා හිමි වී තිබුණි .