Trending Newsඑසැන පුවත්දේශීය

පාස්කු ප්‍රහාරය කළ අය ළඟදීම හෙළිවේවි – අගරදගුරු

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සිදු කිරීම පිටුපස ක්‍රියාත්මක වූ යාන්ත්‍රණය සහ එහි සත්‍ය තොරතුරු තව ටික දිනකින් හෙළිදරව් වන බව සිකුරුයි යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් පියතුමා ප්‍රකාශ කළේය.

තම අවංකකම හා වගකීම අමතක කර තමන්ට බලය ලබා ගැනීම සහ එය පවත්වාගෙන යෑම සඳහා නායකයන් කොයිතරම් දූෂිත, අප්‍රසන්න හා විනාශකාරී දේවල් සිදු කළාද කියා දැන් හෙළිදරව් වෙමින් තිබෙන බවත් පාස්කු ප්‍රහාරය ද එවැනි විනාශකාරී ක්‍රියාවක් බවත් කාදිනල් පියතුමා කියයි.

“ඒ ගොල්ලන් සත්‍යය කොතරම් සඟවන්නට යට ගහන්නට උත්සාහ කළත් පාස්කු ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූ යාන්ත්‍රණය සහ එහි සත්‍යය තව ටික කලකින් හෙළිදරව් වෙනවා සිකුරුයි” යනුවෙන් කාදිනල් පියතුමා කියා සිටිති.

මීගමුව කුරණ සාන්ත ආනා දේවස්ථානයේ නව දහම් පාසල් ගොඩනැඟිල්ල විවෘත කිරීම සඳහා පැවැති උත්සවයේදී මේ බව ප්‍රකාශ කර ඇත.

නෝමන් පලිහවඩන
Divaina

Related posts

ගෑස් සමාගම්වලට ඇමතිගෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර අද සාකච්ඡාවක්

Mohamed Dilsad

ඇඳිරි නීති කාලය තුළ ජල – විදුලි දෝෂ සඳහා විශේෂ සේවාවක් හෙට සිට

Mohamed Dilsad

Leave a Comment