Trending Newsඑසැන පුවත්දේශීය

ගුරු-විදුහල්පති හිඟ වැටුප, මේ අය-වැයෙන්ම ඉල්ලයි

ගුරු-විදුහල්පතිවරුන්ට හිමිවිය යුතු ඉතිරි 2/3 ක වැටුපත්, අනෙකුත් සියළුම අධ්‍යාපනය සේවාවන් හි නිලධාරින්ට හිමි විය යුතු සම්පූර්ණ හිඟ මුදලත් ගෙවා දැවීමට අය වැය මගින් මුදල් වෙන් කරන ලෙස මාතලේ දිස්ත්‍රික් පාර්ලිම්න්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය අය වැය යෝජනාවක් ඉදිරිපත් කර ඇත. රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය විසින් ඉදිරිපත් කර ඇති අය වැය යෝජනාවේ මෙසේ ද දැක්වේ.

‘අධ්‍යාපන කේෂ්ත්‍රයේ වෘත්තිකයින්ට 97/2 චක්‍ර ලේඛනය මගින් අති වූ වැටුප් විෂමතාවය සමනය කිරීම සඳහා සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ දේශපාලන පක්ෂ රැසක් ද, වෘත්තීය සමිති සියල්ලම පාහේ ද, එවකට විපක්ෂයේ සිට තවත් පිරිස් ද එක්වන කටයුතු කරනු ලැබීය.

එහි ප්‍රතිඑලයක් ලෙස, 2021 වසරේ දී, ගුරුවරුන්ට හා විදුල්පතිවරුන්ට පමණක් එම වැටුප විෂමතාවයෙන් 1/3 ක් පසුගිය රජය විසින් ලබාදෙන ලදී. නමුත්, එතන දීත් අධ්‍යාපන පරිපාලන‌ සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය, ගුරු උපදේශක සේවය ඇතුළු අනෙකුත් සේවාවන් හි නිලදාරීන්ට ඔවුන්ට හිමි විය යුතු 1/3 ක වැටුප හිමිකම හෝ ලැබුණේ නැත.

ඒ නිසා, 2025 අය වැය මගින්, 97/2 චක්‍ර ලේඛනයේ නිසා ඇති වූ වැටුප් විශමතාවය නිවැරදි කර, වත්මන් ආණ්ඩුව ද, විපක්ෂය එක්ව පිළිගත් පරිදි අධ්‍යපාන කේෂ්ත්‍රයේ සියළුම සේවාවන් හි නිලධාරීන් වෙත පූර්ණ වැටුප් හිමිකම ලබා දීමට කටයුතු කළ යුතුය. ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ට 2/3 ක වැටුප් හිමිකම ද, අනෙකුත් සේවාවන් හි සියළු නිලධාරයන්ට පූර්ණ හිඟ මුදල ද, ලබා දීමට අවශ්‍ය මුදල් මෙවර අය වැය මගින් ලබා දෙන ලෙස යෝජනා කරමි.

Related posts

சீன தொலை தொடர்பு நிறுவன அதிபர் மகள் கைது

Mohamed Dilsad

ගම්පහ ප්‍රදේශ කිහිපයක සංචරණය සීමා පනවයි

Mohamed Dilsad

මෙරටට ලක්ෂ 22 ක වටිනාකමකින් යුත් උපකරණ පරිත්‍යාගයක්

Mohamed Dilsad

Leave a Comment