Trending Newsඑසැන පුවත්දේශීය

නිදහස් දින උත්සවය ගැන රාජ්‍ය ආයතන වෙත දැනුම් දීමක්

නිදහස් දින උළෙල විශේෂ අවස්ථාවක් ලෙස සලකා කටයුතු කරන මෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්කර තිබූ 01/2025 චක්‍රලේඛයේ ඇතැම් කරණු ක්‍රියාත්මක නොකර ලෙස නැවත නිවේදනයක් යොමුකර ඇත.

ඉකුත් ජනවාරි මස චක්‍රලේඛයක් මගින් දැනුම්දී තිබුණේ, නිදහස් උළෙල වෙනුවෙන් පෙබරවාරි මස 01 දින සිට පෙබරවාරි 07 වන දින දක්වා පුරා සතියක කාලසීමාවක් රජයේ ආයතන පවත්වාගෙන යන සියලුම ගොඩනැගිලිවල ජාතික කොඩිය ඔසවා තබන ලෙසයි.

එමෙන්ම පෙබරවාරි 03 සහ 04 දිනවලදී එම ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය කරන ලෙසත් එම චක්‍රලේඛය මගින් උපදෙස් ලබා දී තිබුණි.

කෙසේ වෙතත් විදුලිය අරපිරිමැස්ම හා විදුලි අලංකරණය සඳහා වැයවන පිරිවැය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අදහස්, යෝජනා සහ නියෝජනයන් සැලකිල්ලට ගෙන එම චක්‍රලේඛයේ ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය යන කරුණ අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත

Related posts

“Sri Lankan Muslims are united”- ACMC in Makka

Mohamed Dilsad

අස්වැසුම ගැටලු ගැන සාකච්ඡාවක්

Mohamed Dilsad

எமில் ரஞ்சன் எதிர்வரும் 22 ஆம் திகதி வரை விளக்கமறியலில்

Mohamed Dilsad

Leave a Comment