Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවට ඇති ජනතා කැමැත්ත තාවකාලිකයි

ජාතික ජන බලවේගය වර්තමාන රජයට ඇති ජනතා පක්ෂපාතිත්වය ඉතාම තාවකාලික බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි. එම අස්ථාවර ඡන්ද පදනම පවත්වාගෙන යාමට නම් ආණ්ඩුව විශාල වශයෙන් එම ජනතාවගේ අපේක්ෂාවන් සමග සිටිය යුතු බවත් හෙතෙම කියා සිටි. රූපවාහිනී නාලිකාවක පැවැති වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ඒ අනුව මහින්ද රාජපක්ෂ කළ ආකාරයෙන්ම දරුවන් වඩා ගැනීම, බදාගැනීම ආදී කටයුතු අද අනුර දිසානායක මහත් ජනාධිපතිවරයාද සිදු කරන්නේ එය තේරුම් ගෙන බවද පවසන ඔහු නමුත් ඒවායෙන් පමණක් දිගටම යා නොහැකි බවද කියා සිටී. තාවකාලිකව එවන් ක්‍රියාවලි හරහා ජනතාව රඳවා ගත හැකි නමුත් ජනතාව බඩ සහ සාක්කුව ගැන හිතන බවද ඔහු කියා සිටියි.

Related posts

Sri Lankan in Canada who killed wife will not appeal deportation

Mohamed Dilsad

වයඹ පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ඉස්ලාම් භක්තිකයින්ට විශේෂ අවසරය

Mohamed Dilsad

Leave a Comment