Trending Newsඑසැන පුවත්දේශීය

ආගමන – විගමන දෙපාර්තමේන්තුව පැය 24ම විවෘතව තැබීමේ සූදානමක්

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී ඇති වී තිබෙන ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා ආ ගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අද (05) අනාවරනය කළේය. ඒ අනුව දිනකට විදෙස් ගමන් බලපත්‍ර 4000ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි ද හෙතෙම කීවේය.

එම සේවය ලබාදීමට අවශ්‍ය අමතර කාර්යමණ්ඩලය සපයා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලබාඇති නිලධාරීන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාව මත කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීමට සහ දැනට රජයේ සේවයේ නිරත නිලධාරින්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විමසමින් අනුයුක්ත කර ගැනීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ නිර්දේශය අනුව “පී” කාණ්ඩයේ චිපය රහිත හිස් විදේශ ගමන් බලපත්‍ර 1,100,000ක් වත්මන් සැපයුම්කරු වෙතින් සපයා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කරනු ලැබ ඇති බව අමාත්‍යවරයා පැවසීය.

Related posts

சைபர் தாக்குதலின் பின்னணியில் இருப்பவர்கள் யார்?

Mohamed Dilsad

තවත් 430 ක් සුවය ලබයි

Mohamed Dilsad

ආදිවාසී නායකයාට මරණ තර්ජන

Mohamed Dilsad

Leave a Comment