Trending Newsඑසැන පුවත්දේශීය

වැටුප් වැඩි කිරීම් සහ වාහන බලපත්‍ර ඉදිරි අය-වැයෙන් නොලැබුණොත්, දොස්තරලා 7000ක් රට හැර යනවා..-

ලංකාවේ වෛද්‍යවරු 7,000ක පමණ පිරිසක් රට හැර යෑමට තීරණය කර ඇති අතර මේ වන විටත් වෛද්‍යවරු 2,000ක් පමණ රටහැර ගොස් විදෙස් රටවල සේවය කරති. තවත් වෛද්‍යවරු 5,000ක පිරිසක් විදෙස් ගමන් බලපත්‍ර සකස් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවැසීය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා එසේ පැවැසීය. 2025 අය-වැය ප්‍රතිපත්තිය මඟින් වෛද්‍යවරුන් ගේ අයිතිවාසිකම් ලබාදෙන්නට රජය පියවර නොගන්නේ නම් රට පුරා රෝහල්වල වෛද්‍යවරු 7,000ක පිරිසක් හිඟවන බවද ඒ මහතා කීය.

වෛද්‍යවරු රට තුළ රැඳී සිටීම දිරීමත් කිරීම හරහා නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම ඉලක්ක කරගනිමින් අය-වැය 2025 වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.රජයේ වෛද්‍ය නිලධාරර්න්ගේ සංගමය විසින් ජනාධිපතිවරයාට මෙම යෝජනා ඉදිරිපත් කරන බව වෛද්‍ය සුගතදාස මහතා පැවැසීය.

සියලු කාණ්ඩවල වෛද්‍යවරු වෙනුවෙන් සුදුසුකම් කාර්ය සාධනය සහ වෙළෙඳ පොළ වටිනාකම මත පදනම් වූ සුවිශේෂී වැටුප් ව්‍යුහයක් හඳුන්වා දීම කළ යුතු බවත් වෛද්‍යවරුන්ගේ දීමනාව යාවත්කාලීන කිරීම සිදුකරන ලෙස ඉල්ලා සිටිනවා.

සියලු කාණ්ඩවල වෛද්‍යවරු රාජ්‍ය සේවයේ අනෙකුත් විධායක නිලධාරීන්ට ප්‍රවාහන පහසුකම් හිමිකරදී ඇති 22/99 චක්‍රලේඛයට අන්තර් ග්‍රහණය කිරීම සිදුකළ යුතු බව ද සියලු කාණ්ඩවල වෛද්‍යවරුන්ගේ අතිරේක රාජකාරී දීමනාව උපයා ගැනීමේදී මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු නිරාකරණය කරන ක්‍රම වේදයක් ස්ථාපිත කරන ලෙසද අප ඉල්ලා සිටින බවද ඔහු කීය.

පශ්චාත් උපාධි පුහුණු වෛද්‍යවරුන්ගේ විදෙස් පුහුණුවේදී ලබාදෙන ජීවන වියදම් දීමනාව යාවත්කාලීන කිරීම, සීමාවාසික වෛද්‍යවරුන්ගේ මාසික දීමනාව ඉහළ නැංවීම, සියලු කාණ්ඩ වල වෛද්‍යවරුන්ගේ ශ්‍රේණි උසස්වීම් ක්‍රමවේදයේ විෂමතා නිවැරැදි කිරීම, වෛද්‍යවරු ඇතුළු වෘත්තිය වේදීන්ට තීරුබදු සහන සහිත බලල්පත්‍ර යටතේ, මෝටර් රථ ආනයනය කිරීම සඳහා පහසුකම් සැලසීම, වෛද්‍යවරුන් ඇතුළු සියලු රාජ්‍ය සේවකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමවේදය නැවැතහඳුන්වා දීමද සිදුකරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටින බවද හෙතෙම ප්‍රකාශ කළේය.

නිමල් අල්ගෙවත්ත

Related posts

நோர்வே வெளிவிவகார அமைச்சின் செயலாளர் மேரி ஏன் ஹாகன் யாழ்ப்பாணத்திற்கு விஜயம்

Mohamed Dilsad

ஜனாதிபதி, பிரதமர், எதிர்கட்சித் தலைவரின் நத்தார் வாழ்த்துச் செய்தி…

Mohamed Dilsad

UTV Tamil HD wins big at State Television Arts Awards 2018

Mohamed Dilsad

Leave a Comment