විදේශයන්ගෙන් ආනයනය කරන ලුණු කිලෝවක් සඳහා රුපියල් හතළිහක ආනයනික බද්දක් පනවා ඇත. මෙරට ලුණු නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන් ලුණු ආනයනය කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව මේ වන විට ඉන්දියාවෙන් ලුණු මෙට්‍රික් ටොන් දොළොස් දහසක් ආනයනය කර ඇත. කෙසේ වෙතත් ඊළඟ ලුණු අස්වැන්න ලැබෙන අවස්ථාව වන විට ලුණු ආනයනය අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.