Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට අදාළව ලැබුණ අධිකරණ තීන්දුව

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සමස්තයක් ලෙස හෝ එහි යම් විධිවිධානයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල වන බැවින් එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.

අදාළ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මේ බව කියා සිටියේය.

එහිදී කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වන ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලද  ‘පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)’ නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට කැමැත්තෙමි. “ඒ අනුව විනිසුරු මඩුල්ලේ බහුතරය සමන්විත වන විනිසුරුවරුන් දෙදෙනකු විසින් තීන්දු කර තිබුණේ,

පනත් කෙටුම්පත සමස්තයක් ලෙස සහ විශේෂයෙන් කියවිය යුතු 2 සහ 3 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමඟ අනනුකූල වන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කිරීම අවශ්‍ය වන බවය.”

“විනිසුරු මඩුල්ලේ ඉතිරි විනිසුරුවරයා තීන්දු කර තිබුණේ, මෙම පනත් කෙටුම්පත සමස්තයක් ලෙස හෝ එහි යම් විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල නොවන බැවින් එය පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවයි.”

“ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්පූර්ණ තීරණය අද දින කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යැයි මම නියෝග කරමි.”

Related posts

General Amnesty period for legal discharge of Troops extended

Mohamed Dilsad

Macau pulls out of FIFA World Cup Qualifier in Sri Lanka citing safety fears

Mohamed Dilsad

SLPP’s Maharagama nominees go to courts

Mohamed Dilsad

Leave a Comment