Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ආයතන කිහිපයකට, එජාපය අලියා ලකුණින් තරඟ කිරීමේ තීරණයක

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මහ නගරසභා 04ක් සඳහා “අලියා” ලකුණින් තරඟ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. ඒ අනුව, කොළඹ, මහනුවර, ගාල්ල සහ නුවර එළිය මහ නගරසභා සඳහා අලියා ලකුණින් තරග වැදීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

සිරිකොට පක්ෂ මූලස්ථානයේදී ඊයේ (14) පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

එමෙන්ම, අනෙකුත් පළාත් පාලන ආයතන සඳහා අනෙකුත් දේශපාලන පක්ෂ සමග සන්ධානගතව සුදුසු ඡන්ද ලකුණක් යටතේ තරග කිරීමටත් ඒ සම්බන්ධයෙන් පෙබරවාරි 20 වනදාට පෙර අවසන් තීරණයක් ගැනීමටත් එහිදී තීන්දු කර ඇති බවත් වාර්තා විය.

Related posts

Sri Lanka Under 19 Squads named

Mohamed Dilsad

Team India fourth in ICC’s ODI chart

Mohamed Dilsad

දුම්මලසූරිය ස්ථානාධිපති ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment