Trending Newsඑසැන පුවත්දේශීය

රේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ නමින් වංචනිකව මුදල් ඉල්ලීමේ ජාවාරමක්

රේගු අධ්‍යක්ෂ ජනරාලවරයාගේ නාමය හා තනතුර වංචනිකව යොදා ගනිමින් වට්ස්ඇප් පණිවුඩ හරහා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ඉල්ලීමේ සංවිධානාත්මක ජාවාරමක් ගැන තොරතුරු වාර්තා වී ඇතැයි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසනවා.

“DGC Mr. Nonis” යන නමින් වූ වට්ස්ඇප් අංකයකින් බැංකු ගිනුම් අංක ද සඳහන් කරමින් සහ විවිධ හේතු දක්වමින් මෙම ඉල්ලීම් කරන බවත් මෙම වංචනික පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන්ට හසු නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා සඳහන් කළා.

එවැනි ඉල්ලීමක් ලදහොත් ලඟම ඇති පොලිස් ස්ථානයට දන්වා සිටින ලෙස ඉල්ලා සිටින බව ද සීවලී අරුක්ගොඩ මහතා පැවසුවා.

Related posts

China lifts ban on trade of rhino horn, tiger parts

Mohamed Dilsad

පුහු ටෙලි නාට්‍ය වෙනුවට, ඇත්ත විධායක කමිටු ක්‍රමයකට යමු

Mohamed Dilsad

නිරෝධායන නීති කඩ කළ පිරිස 2700 ට අධික වෙයි

Mohamed Dilsad

Leave a Comment