Trending Newsඑසැන පුවත්දේශීය

සංජීව ඝාතනයේ සැකකරු සහ සැකකාරිය එකට සිටින ඡායාරූපයක් මුල්වරට එළියට

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ වෙඩික්කරු සහ සැකකාරිය එකට පෙනී සිටින ඡායාරූපයක් මේ වන විට මාධ්‍යට නිකුත් වී තිබේ. කොළඹ – අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී පෙරේදා (19) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් ප්‍රබල අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව ජීවිතක්ෂයට පත්විය.

ඔහු ඝාතනය කිරීම සඳහා මෙම වෙඩික්කරු සහ සැකකාරිය නීතිඥවරයෙකු සහ නීතිඥවරියක් ලෙස වෙස්වලාගෙන පැමිණි පැමිණ තිබූ බව පසුව අනාවරණය විය. ඒ අනුව, අදාළ වෙඩික්කරු ඉකුත් මස 7 වනදා දෙහිවල, වටරප්පල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතතය කිරීමට පැමිණි වෙඩික්කරු බව පොලීසිය පැවසීය.

එමෙන්ම, අදාළ ඝාතනය සඳහා අධිකරණ භූමියට රිවෝල්වරය රැගෙන ආ බව පැවසෙන කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන තැනැත්තියක් බවයි, පොලීසිය පැවසුවේ.

සංජිව ඝාතනය කරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා මීගමුව ප්‍රදේශයට පළා ගොස් තිබූ අතර පසුව කළ සෝදිසි මෙහෙයුමකදී වෙඩික්කරු පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

ஜனாதிபதி ஆணைக்குழு ஏன் நியமிக்க வில்லை? – முஜிபுா் ரஹ்மான்

Mohamed Dilsad

තවත් නාවිකයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

சுகாதார சேவைகள் தொழிற்சங்க கூட்டமைப்பினர் பணிப்புறக்கணிப்பில்

Mohamed Dilsad

Leave a Comment