Trending Newsඑසැන පුවත්දේශීය

හෙද නිලධාරීන් රට පුරා විරෝධතා අරඹයි.

අය වැය මගින් හෙද සේවාවට බරපතළ අසාධාරණයක් සිදුව ඇති බැවින් ඊට විරෝධය දක්වා හෙට (27) දහවල් 12 ට දිවයින පුරා පිහිටි සියලු රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙතෙක් මූලික වැටුපට 1/160 අනුපාතයක් ලෙස ගෙවූ අතිකාල දීමනාව 1/200 දක්වා පහත දැමීම, මූලික වැටුපට අනුව දෙවන ශ්‍රේණියේ සිට ඉහළට රජයේ නිවාඩු දින දීමනා හා සති විවේක දින සේවය වෙනුවෙන් ගෙවූ 1/20 දීමනාව 1/30 දක්වා පහළ දැමීම, උසස්වීම් ක්‍රමවේදය කප්පාදු කිරීම යනාදී කරුණු මුල්කරගෙන මෙම උද්ඝෝෂණ ක්‍රියාත්මක කරන බවද එම සංගමය පවසයි.

උද්ඝෝෂණ මාලාවට සමගාමීව කළු පටි බැඳ සේවය කිරීමේ ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක කරන බවද එම සංගමය කියයි.

Related posts

காமன்வெல்த் கூட்டமைப்பின் அடுத்த தலைவராக இளவரசர் சார்லஸ்

Mohamed Dilsad

ලබන සතියේ දුම්රිය 27 ක් ධාවනයට

Mohamed Dilsad

Strong 6.3 Magnitude Earthquake Hits Ecuador

Mohamed Dilsad

Leave a Comment