ආනයන සීමා ලිහිල් කිරීමට රජය ගත් තීරණයත් සමග වාහන ආනයනය මේ වන විට ආරම්භ වී තිබේ. කෙසේ වෙතත් වාහනවල මිල අඩුවීමේ සම්භාවිතාවක් ඇති බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මිරෙන්චිගේ මහතා පවසයි.
වසර 05 කට පසුවයි මෙලෙස ආනයන සීමා ලිහිල් කරමින් වාහන ආනයනයට අවසර ලබා දුන්නේ. වාහන ආනයනයට අදාළව පෞද්ගලික පරිහරණය සඳහා ආනයනය කළ පළමු වාහන තොගය මේ වන විට කොළඹ වරායට ළඟාවී තිබේ.
නව වාහන වෙළෙඳපොළට පැමිණීමේදී එම වාහනවල මිල මෙන්ම භාවිත කරන ලද වාහනවල මිල ද සැලකිය යුතු ලෙස අඩුවිය හැකි බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.