Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්ධන බෙදුම්කරුවන් ලැබූ සියයට 3 වට්ටම් මුදල අහෝසි කරයි

ඉන්ධන බෙදුම්කරුවන් මේ වන විට ලබා ගන්නා සියයට 03ක වට්ටම් මුදල අහෝසි කර හෙට (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදී නව සමීකරණයකට අනුව ගෙවීම් සිදුකරන බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා පවසයි. අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා පැවසුවේ මෙතෙක් ඔවුන් ලබා ගත් 03%ක මුදල අනීතික බවය.

“මේ ගොල්ලන්ට 3%ක වට්ටමක් හිමිවෙලා තිබුණා. නමුත් 2022 මාර්තු 10 වැනිදා නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව තමයි ඒක බලාත්මක වෙන්නේ. ඒකට අනුව දැනට ගෙවන මුදල අනීතිකයි. ඒකේ පැහැදිළිව තියෙනවා ඩීසල් සඳහා මිල රුපියල් 121කට වඩා වැඩි වුණොතින් ඒකට අදාළ 3% ගාන තමයි ගෙවන්නේ. පෙට්‍රල් සඳහා රුපියල් 162ක්.  එහෙම ගත්තොතින් පෙට්‍රල් ලීටරයකින් ඒ ගොල්ලන්ට වට්ටම හැටියට හිමිවිය යුත්තේ 3.63%ක්. ඩීසල්වලින් හිමිවිය යුත්තේ 4.86%ක් නමුත් ගිය මාසේ 3%ට ගණනය කළොතින් ඒගොල්ලොන්ට හිමිවෙනවා රුපියල් 8.52ක් පෙට්‍රල් 92ට හිමිවෙනවා 9.14ක් පෙට්‍රල් 95 සහ සූපර් ඩීසල් ගත්තොත් මීට වඩා වැඩි මුදලක් හිමි වෙනවා.

2022 වසරෙදි අසාමාන්‍ය විදිහට තෙල් මිල වැඩිවුණා. ඒ මිල වැඩිවුණාට පස්සේ 3%ට ගණනය කළාම රුපියල් 14-15ට ගියා. නමුත් 2022 චක්‍රලේකයට අනුව ඒ ගොල්ලන්ට හිමිවිය යුත්තේ රුපියල් 121කට වඩා ඩීසල් වැඩි වුණොතින් 3% විතරයි. ඒක සිදු වුණේ තෙල් සංස්ථාවේ සිදුවූ වරදක්. අපේ තෙල් සංස්ථාවේ සිස්ටම් එක හරිගස්සලා තිබුණා නම් 3.63%ට වඩා ඒ අයට යන්නේ නෑ. 

ඊට පස්සේ ඒ ගොල්ලෝ මේක දිගටම ඕනේ කියලා උසාවි ගියා ඒ ගිහින් තහනම් නියෝගයක් ගත්තා ඒ නියෝගය නිසා දිගටම 3% ගියා. පස්සේ ඒ නඩුව පරාද වුණා. නැවත මේක ක්‍රියාත්මක කරන්න යනකොට අභියාචනාධිකරණයට ගියා. ඒ ගිහින් තහනම් නියෝගයක් අරගෙන අර රුපියල් 14-15ත් අතර මුදල ලබා ගත්තා. පස්සේ මේ සම්බන්ධව විගණනයක් කළා විගණනයේදීත් හෙළි වුණා අනීතික විදිහට රුපියල් බිලියන 35.4ක් ඒ කාළේ වෙනකොට ජනතාවගෙන් අරගෙන බෙදුම්කරුවන්ට ලැබිලා තියෙනවා මේක වහාම නිවැරදි කරන්න ඕනේ කියලා. 

දැන් අපි තීරණයක් ගත්තා මේ 3% ඉවත් කරලා මේ ගොල්ලන්ගේ වියදම්වලට සාපේක්ෂව සමීකරණයක් සකස් කරන්න. ඒක අපි අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම්දුන්නා. ලේකම්වරයා විසින් කමිටුවක් පත් කළා ඒ කමිටුව මගින් ගත්ත තීරණය තමයි මේ ක්‍රියාත්මක කරන්න යන්නේ හෙට ඉඳලා. 

ඒකේදි ගණනය කරලා තියනවා විදුලි බිල, වතුර බිල සහ අනෙකුත් වියහියදම් ගණනය කරලා ඒකට සමීකරණය කරලා  ඒකට අනුව ලාභ කොටසකුත් දීලා තමයි මේ තියෙන්නේ. ඒක තමයි දැන් මේ ක්‍රියාත්මක කරන්න යන්නේ. දැන් ලයිට් බිල හරි වතුර බිල හරි වැඩි වුණොත් ඒකට ලැබෙන්න ඕන මුදල මේ සමීකරණය අනුව ලැබෙනවා. මේක ඉතාමක් සාධාරණයි ජනතාවගේ පැත්තෙන් ගත්තාත් කිසිම ගැටලුවක් නෑ.”

Related posts

Outlets selling unhygienic food examined in Nuwara Eliya

Mohamed Dilsad

UK red-flagged Vijay Mallya’s £17.8-million Swiss bank transfer

Mohamed Dilsad

පවතින තත්ත්වය අනුව මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි බවට දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment