Trending Newsඑසැන පුවත්දේශීය

ත්‍රිකුණාමලය තෙල් ටැංකි 24ක් සංවර්ධනයට කැබිනට් අනුමැතිය

ත්‍රිකුණාමලය ඉහළ ටැංකි අංගනයේ ටැංකි 24ක් සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව එකී තෙල් ටැංකි සංවර්ධනය කිරීම වසර 03ක් ඇතුළත නිම කිරීමේ අරමුණ ඇතිව තුන් අවුරුදු ව්‍යාපෘතියක් සැලසුම් කර ශක්‍යතා අධ්‍යයනයක් ඇතුළු ව්‍යාපෘති කටයුතු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ඇත.

එම ව්‍යාපෘතිය සඳහා මාර්ග සංවර්ධනය අධිකාරිය, ශ්‍රී ලංකා දුම්රිය සේවය, සමුදීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු අදාළ පාර්ශ්වයන්ගේ අනුමැතීන් මේ වන විට ලබා ගෙන තිබේ.

ඒ අනුව මහා භාණ්ඩාගාරයට වැය බරක් නොවන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අරමුදල් මගින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Related posts

තවත් මනුෂ්‍ය ඝාතනයක්

Mohamed Dilsad

பறக்கும் விமானத்தில் கழிவறை என நினைத்து அவசரகால வழியை திறந்த பெண் பயணி

Mohamed Dilsad

ஜனாதிபதி தலைமையில் “நாட்டுக்காக ஒன்றிணைவோம்” மொனராகலை மாவட்ட இறுதி நிகழ்வு இன்று(06)

Mohamed Dilsad

Leave a Comment