Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණයට එකමුතුව තරඟ කළ යුතුයි – එජාප සභාපති වජිර අබේවර්ධන

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා එකමුතුව තරඟ කිරීමෙන් දේශපාලන ජයග්‍රහණයක් ලබා ගත හැකි යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. වජිර අබේවර්ධන මහතා එසේ ප්‍රකාශ කළේ ගාල්ල ප්‍රදේශයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ එජාප සභාපති වජිර අබේවර්ධන මහතා මෙසේ ද කීවේය. පළාත් පාලන මැතිවරණය එක්සත් ජාතික පක්ෂය හැටියට අපිට තිබෙන හොඳම ක්‍රමවේදය තමයි  එකමුතුව තරග කිරීම. එකමුතුව මැතිවරණයට ඉදිරිපත් වීමට යම් කෙනෙක් විරුද්ධ නං මං හිතනවා එම කණ්ඩායම් දේශපාලන වශයෙන් පරිණත නොවූ අයයි. එකමුතුව මැතිවරණයට ඉදිරිපත්වීමෙන් සාර්ථක දේශපාලන ජයග්‍රහණයක් ලබා ගත හැකියි.

තම තමන්ගේ දේශපාලන අනන්‍යතාවයන් තබා ගනිමින් ටෙලිෆෝන් එකක් අමතක කරලා අලියත් අමතක කරලා ස්වාධීන ලකුණු වලින් තරඟ කරලා එකමුතුව ජයගැනීම තමයි මේ අවස්ථාවේ ආදර්ශයක් හැටියට සියලු දේශපාලන පක්ෂ කළ යුත්තේ. එ් ක්‍රියාවලිය, යම් කිසි කණ්ඩායමක් පැහැර හරිනවා නම් එය බරපතළ සමාජ ඛේදවාචකයක් හැටියට හඳුන්වා දිය යුතුව තිබෙනවා යැයි ද කීවේය.

Related posts

பொது மன்னிப்பு வழங்கிய ஐசிசி

Mohamed Dilsad

ගෑස් මිල වැඩි වෙයිද?

Mohamed Dilsad

Mob kills abusive husband in Ratnapura

Mohamed Dilsad

Leave a Comment